මේ සඳහා දීර්ග කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සිරගත කිරීම මීට විසඳුම නොවන බවත් රජය වටහා ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ
සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.
මහර බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දීමට සහ මෙවැනි සිදුවීම් නැවත නොවීමට විශේෂ කමිටුවක් පත් කළ බවත් අද දිනයේදී එම කමිටුව මහර
බන්ධනාගාරයේ නිරීක්ෂණයක් සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2020.11.29 දින වන විට මෙරට බන්ධනාගාර තුළ රැඳවියන් 28,541 රඳවා ගෙන සිටින අතර එයින් 20,723ක් රක්ෂිත බන්ධනාගාර ගත වූවන් සහ 7818 දඩුවම් නියම වූ රැඳවියන් වේ.
2020.11.29 වන විට මහර බන්ධනාගාරයේ රැඳවියන් 2891 ක් සිට ඇත.එයින් 2559 ක් රක්ෂිත බන්ධනාගාර රැඳවියන් වේ. 732ක් දඩුවම් නියම වූ රැඳවියන් වේ.
එදින් ඇති වූ සිදුවීම හේතුවෙන් 2020.12.02 වන දින විට රැඳවියන් 11 දෙනෙකු මරණයට පත් වී තවත් රැඳවියන් 106 දෙනෙකු තුවාල ලබාතිබේ . තුවාල ලැබූවන්ගෙන් 38ක් උතුරු කොළඹ
ශික්ෂණ රෝහලේ සහ 01 අයෙක් ජාතික රෝහලේද තවත් 24 දෙනෙක් වැලිකඩ බන්ධනාගාර රෝහලේද ප්‍රතිකාර ලබයි. රැඳවියන් 53ක් නැවතත් මහර බන්ධනාගාරයට ගෙනැවිත් ඇත.
තුවාල ලැබූ නිලධාරින් 02ක් උතුරු කොළඹ ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී යම් යම් සිදුවීම් වලට අදාළ වීඩියෝ පට මාධ්‍යයට මුදා
හැරි බවත් එම රැඳවියන් අතරත් ගැටුම් ඇතිවී තිබෙන බව එමගින් පැහැදිළි වන බවද කීය
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ බන්ධනාගාර රැඳවියන්ගේ ජීවිතාරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් නිරතුරුව කටයුතු කරන බවයි. බන්ධනාගාර රැඳවියන්ගේ පී.සී.ආර්
පර්යේෂණ 11,500ක් පමණ මේ වන විටත් සිදු කර ඇතැයිද අමාත්‍යවරයා කීය. මීට අමතරව ඔවුන්ට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවද කිරීමට කටයුතු කර ඇත.
මීට අමතරව බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව අමාත්‍යවරයා පැහැදිළි කළේය. බන්ධනාගාර තුළ මේ වන විට අමුත්තන්
බැලීම තහනම් කර ඇති අතර , බන්ධනාගාර ගත වන නවක රැඳවියන් වෙනම බන්ධනාගාරයක ඇති නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තබන බවත් අහඹු ලෙස තෝරා ගත් නිලධාරින්ගේද
පී.සී.ආර් පර්යේෂණ වරින් වර සිදු කරනු ලැබේ. අධිකරණයේ විශේෂ ඉල්ලීමක් ඇත්නම් පමණක් රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කෙරේ. උෂ්ණත්වය මැන බැලීමට අවශ්‍ය උපකරණ, දෑත්
සේදීමට හා විෂබීජහරණයට අවශ්‍ය උපකරණ, රැඳවියන්ට අවශ්‍ය මුව ආවරණ ආදිය ලබා දී තිබේ. තවද ආයුර්වේද දෙපාර්තමේන්තුව සමග එක්ව ප්‍රතිශක්තීකරණය වැඩි කිරීමට ඖෂධීය පාන
වර්ග ලබා දීමද සිදු වේ. වෛරසය ආසාධනය වූවන් රැඳවීම සඳහා කන්දකාඩු ආශ්‍රිතව වෙනම මධ්‍යස්ථානයක් ඇත. මීට අමතරව බන්ධනාගාර රැඳවියන් මුදා හැරීමට පෙර ප්‍රතිදේහ පරීක්ෂාව
හෙවත් ඇන්ටිබොඩි ටෙස්ට් සිදු කිරීමටද තීරණය කර තිබේ. ඇප ලබා දුන්නද ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වූ අයට ඒ සඳහා සහණ කාලයක් ලබා දේ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අලි සබ්රි අමාත්‍යවරයා, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ රැඳවියන් ඉහළ යාම බන්ධනාගාර තුළ අධික තද බදයට හේතුව බවත් වීරවිල එළිමහන් බන්ධනාගාරයේ
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට මධ්‍යස්ථානයක් ඉදිරි වසර 05 තුළ ගොඩනගන බවයි.