මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    දිවයිනට පැමිණෙන සංචාරකයින්ට රැදීසිටිය හැක්කේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතික ලත් හෝටල් සහ වාසස්ථාන වල පමණයි

    දෙසැම්බර් 04, 2020

    රට විවෘත කිරීමෙන් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින්ට රැදීසිටිය හැක්කේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතික ලත් හෝටල් සහ වාසස්ථාන වල පමණයි
    - ඇමති ප්‍රසන්න රණතුංග

    රට විවෘත කිරීමෙන් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින්ට රැදීසිටිය හැක්කේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් සහ වාසස්ථාන වල පමණකැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ සංචාරක සංවර්ධන අධිකාරිය ඒ සඳහා කැමැත්තක් දක්වන හෝටල් සහ වාසස්ථාන වලට අඳාල සහතිකය තවදුරටත් නිකුත් කරන බවයි.

    පසුගිය මැයි මාසයේදී සංචාරකයින්ට රට විවෘත කිරීමේදී අනුගමනය කලයුතු මාර්ගෝපදේශ සකස් කෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ මැදිහත් වීමෙන් සංචාරක කර්මාන්තයේ නියුතු ඒ ඒ කේෂ්ත්‍ර වලට වෙන් වෙන් වශයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කර තිබේ.ඒ අනුව දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීමට කැමති සංචාරක හෝටල් සහ වාසස්ථාන ලියාපදිංචි කර අඳාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔවුන් ක්‍රියාත්මක කරන්නේදැයි පරීක්ෂා කර බලා සහතිකයක් නිකුත් කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව මේ වනවිට සංචාරක හෝටල් සහ වාසස්ථාන 80ක් අඳාල සහතිකය ලබාගෙන ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි.

    සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ අදාල හෝටල් සහ වාසස්ථාන නියමිත මාර්ගෝපදේශ අනුගමනය කරන්නේදැයි යන්න පසුවිපරමක් ද සිදුකරනු ලබන බවයි. මෙම හෝටල් සහ වාස්සථාන වල විශේෂ QR කේතයක් ප්‍රදර්ශනය කිරීමටත් එමඟින් අඳාල සංචාරකයාට සෘජුවම සංචාරක සංවර්ධන අධිකාරිය වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමටත් පහසුකම් සලසා ඇත. ඒ අනුව අඳාල වැඩපිළිවෙල සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අධීක්ෂණය කරනු බවද එම අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේරත්න මහත්මිය සඳහන් කළාය.

    ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු දිවයිනට පැමිණෙන සංචාරකයන්ට අඳාල මාර්ගෝපදේශ අනුගමනය කරමින් නවාතැන් පහසුකම් සැලසීමට කැමති සංචාරක හෝටල් සහ වාසස්ථාන හිමියන්ට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් අවස්ථාව ලබාගත හැකි බවද ඇය සඳහන් කළාය. අඳාල ඉල්ලීම ලැබීමෙන් පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම එම ආයතන විසින් නිසි ලෙස සිදුකෙරෙන්නේ ද යන්න පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකොට අඳාල සහතිකය ලබාදීමට පියවර ගැනේ. මේ සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන බව ද ඇය අවධාරණය කරයි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya