ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය (03) දින පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදි. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ද එක්ව සිටියහ.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදි.
සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ තමන් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරියක් බවට පත්කිරීමට රටේ මහජනතාව විසින් විශාල ආයෝජනයක් කළ බවත්, ඒ වෙනුවෙන් වෛද්‍යවරියක් ලෙස වසර 24 පමණ කාලයක් විවිධ නිලතල හොඹවමින් කටයුතු කර, දේශපාලනයට පිවිස නැවතත් රට වෙනුවෙන් සේවය කිරීමට ලද අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව සළකන බවයි.
සෞඛ්‍ය සේවාව තුල ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රටේ ඉතා වැදගත් අවශ්‍යතාවයක්ව තිබෙන බැවින්, ග්‍රාමීය සෞඛ්‍ය සේවාව දියුණු කර කොවිඩ් පාලනයේ දී ප්‍රතිශක්තීකරණය පිළිබදව සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව, සෞඛ්‍ය අමාත්‍යතුමියගේ නායකත්වය යටතේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමග එක්ව සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න කටයුතු කරන බව ද පැවැසීය. එමෙන්ම කොවිඩ් 19 පාලනය කිරීම සදහා සියළු දෙනාගේම සහයෝගය තමන් වෙත ලබාදෙන ලෙස ද ඉල්ලා සිටින ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.