පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යක්‍රම සඳහා සුවිශේෂී සමූපකාර ආයුර්වේද රෝහල් පද්ධතියක් පිහිටුවීම පිළිබඳ මූලික සාකච්ඡාවක් දේශිය වෙදකම් ප්‍රවර්ධන , ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි සහ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දේශීය වෙදකම් ප්‍රවර්ධන ,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණ.
සමූපකාර රෝහල් පද්ධතියට සමගාමීව ආයුර්වේද රෝහල් පද්ධතියක් ඇති කිරීම තුළින් ජනතාව වෙත පාරම්පරික මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වඩා සමීප කරලීමේ අරමුණින් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි. මෙම මූලික සාකච්ඡාව සඳහා දේශිය වෙදකම් ප්‍රවර්ධන , ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර
මැතිණිය, සමූපකාර අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සමූපකාර රෝහල් සභාපතිවරුන්ද සහභාවී සිටියහ.