කර්මාන්ත සහ වෙළෙඳ අමාත්‍යංශවල වැය ශීර්ෂ පිළිබඳ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.
ලෝකයේ බහුතර ආර්ථිකයන් රඳා පවතින්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මත බවත් රටක් වශයෙන් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් කෙරෙහි මෙවර අයවැයෙන් විශේෂ අවධානයෙ යොමු කර ඇති බවත් අමාත්‍යවරයා කීය. පසුගියදා හම්බන්තොට ආශ්‍රිතව ඇති වූ ටයර් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව නව රැකියා 2000ක් පමණ උත්පාදනය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විජාතීය සමාගම් ආරක්ෂා කිරීම පසුගිය රජයේ ක්‍රමවේදය වූ බවත් එහෙත් දේශීය නිෂ්පාදන ආරක්ෂා කර ගන්නා අතරම විදේශීය ආයෝජනයන් මෙරටට ලබා ගැනීම රජයේ වැඩපිලිවෙළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පසුගිය වසර 05 තුළ මෙරට තරුණ තරුණියන්ගේ විරැකියා ප්‍රතිශතය 20% දක්වා ඉහළ ගිය බවත් තාවකාලික දේශපාලන පත්වීම් ලබා දීම් මීට විසඳුම නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙරට තරුණ තරුණියන් ලක්ෂ අට හමාරකට වැඩි පිරිසක් විරැකියාවෙන පෙළෙයි.ලෝක රැකියා වෙළෙඳපොළ සහ මෙරට අධ්‍යාපන ක්‍රමය අතර පවත්නා විශාල පරතරයද මීට හේතු වී තිබේ. ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය ප්‍රතිව්‍යහුගත කිරීමේ වැඩපිළිවෙළක්ද රජය ආරම්භ කර තිබේ. කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් නව රැකියා සඳහා යොමු විය යුතුය.
මෙරට තුළ නව ව්‍යවසායකයින් බිහි කර , ව්‍යවසායකයින්ට අවශ්‍ය පහසුකම් සැළසීම සඳහා තරුණ අමාත්‍යංශය ලෙස කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.