මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ රාජකාරි අරඹයි

    දෙසැම්බර් 04, 2020

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අද දින (04) සිය ධූරයේ වැඩ බාර ගන්නා ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද එක්ව සිටියාය.

    සෞඛ්‍ය සේවයේ වසර 34 ක සේවා පළපුරුද්දකින් සහ සෞඛ්‍ය පරිපාලන සේවයේ අවුරුදු 24 ක සේවා පළපුරුද්දකින් යුත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ සේවය කරන ලදි.

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ ළමා රෝහලේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇති ඒ මහතා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස ද සේවය කර ඇත. පෞද්ගලික වෛද්‍ය සංවර්ධන අධ්‍යක්ෂ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජාතික ඖෂධ අධිකාරියේ සභාපති ලෙස ද ඒ මහතා සේවය කර ඇත.

    විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න, වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya