මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    කටාර් හි නව ශ්‍රී ලංකා තානාපති සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ජේෂ්ඨ නිලධාරි හමුවක්

    දෙසැම්බර් 05, 2020

    දෝහා කටාර් හි නව ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාරගැනීමට නියමිත එම්.මෆාස් මොහිදීන් මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා ඇතුලු ඉහළ නිලධාරින් හමුවී විගමණික ක්ෂේත්‍රය සම්බන්ධ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

    එහිදී විදේශ රැකියා ක්ෂේත්‍රයේ දැනට උද්ගතවී ඇති තත්වයන් සම්බන්ධ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර වෘත්තීය හැකියාවෙන් යුතු ශ්‍රී ලාංකිකයින් හට ගුණාත්මක බවින් යුතු රැකියා අවස්ථා ලබා ගැනීමට අවශ්‍ය රැකියා ප්‍රවර්ධනයන් සිදුකිරිමට කටයුතු කරන බවත් සාකච්ඡාවේදි පවසන ලදී. තවද, දැනට දෝහා කටාර් හි සේවයේ නියුතුව සිටින ශ්‍රමිකයින්ගේ ගැටළු සම්බන්ධව විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවද මෙහිදී සඳහන් කරන්නට විය.

    මේ අවස්ථාවට කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සමඟ සාමාන්‍යාධිකාරි විශ්‍රාමික මේජර් ‍ඡෙනරාල් මහින්ද හතුරුසිංහ,අතිරේක සාමාන්‍යාධිකාරි ඩබ්.එම්.වි වන්සේකර, විදේශ සම්බන්ධතා අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කේ.එල්.එචි.කේ විජේරත්න යන මහත්වරුන් ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya