මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංහ්‍රහය සංශෝධනයට පියවර

    දෙසැම්බර් 05, 2020

    අසාධාරණ ලෙස සිදුවන සත්ව ඝාතනය නැවැත්වීම සඳහා දණ්ඩ නීති සංහ්‍රහය කඩිනමින් සංශෝධනයට පියවර ගන්නා බව වනජීවී හා වන සං‍රක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පැවසීය.

    ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා වනජීවී හා වන සං‍රක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.


    වර්තමානයේ දී සත්ව ඝාතනය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බවත්, සත්ව ඝාතකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජයන්ත වීරසිංහ මහතා කාරක සභාවේ දී අවධාරණය කළේය.
    ව්‍යවස්ථාදායක කාර්‍ය පාර්ලිමේන්තුවට පැවරී ඇති බැවින් , සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංහ්‍රහය සංශෝධනය කිරීම කඩිනමින් සිදු කල හැකි බව ද අමාත්‍ය සී.බී රත්නායක මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
    හීලෑ අලි ඇතුන් නියාමනයට කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බව ද වනජීවී හා වන සං‍රක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සාකච්ජා වූ අතර, ඒ සඳහා අදාළ අණ පනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya