මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ස්විට්සර්ලන්ත තානාපතිවරයා අධිකරණ අමාත්‍යවරයා හමුවේ

    දෙසැම්බර් 05, 2020

    ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා ( 04 ) දින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යාංශයේ දී මුණ ගැසුණි.

    දෙරටට අදාල විවිධ කරුණු පිළීබඳ සාකච්ඡාවට ලක් කල අතර ගරු අමාත්‍යවරයා විසින් අනාගතයේ දී අධිකරණ හා නීතිය පසඳලිමේ ක්ෂේත්‍රයන් තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන පියවරයන් පිළිබඳමෙහිදි ප්‍රකාශ කරන ලදි.

    බන්ධනාගාර තුළ තදබදය නිසා ඇතිවි ඇති තත්වයන් පිළිබඳව හා ඊට යෙදීමට බලාපොරොත්තු වන පියවරයන්ද නීතිය පසඳලිමට ඇති ආයතන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ගැනද මෙහිදි වැඩි දුරටත් සාකච්ඡා විය.

    තානාපතිතුමන් විසින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් නඟනු ලැබු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්   අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ඒ පිළිබඳව විශේෂ ලේකම් කාර්යාලයක් පිහිටුවා ඇති බවත් ඒ සඳහා දක්ෂ නීතිඥවරුන් ගෙන් හා වෘත්තිකයන් ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

    මෙම අවස්ථාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පලමු ලේකම් සිඩෝනියා ගේබ්රියල් සහ  අධිකරණ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග යන මහත්ම මහත්මින් ද සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya