මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    කොරියානු භාෂා විශේෂ පරික්ෂණයෙන් 2019ට වඩා 2020 දී සියයට 20 ක පිරිසක් සමත්

    දෙසැම්බර් 05, 2020

    2020 වර්ෂයට අදාලව පවත්වනු ලැබූ කොරියානු භාෂා විශේෂ පරික්ෂණයෙන් සමත් සංඛ්‍යාව, 2019 වර්ෂයට සාපේක්ෂකව සියයට 20 ක වැඩිමක් බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

    2019 දී පවත්වනු ලැබු කොරියානු භාෂා විශේෂ පරික්ෂණයෙන් රැකියා අපේක්ෂකයන් 464 දෙනකු සමත් වී ඇති අතර, මේ වර්ෂයේදී සමත් සංඛ්‍යාව 561 කි.විභාගයට පෙනි සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 1338 කි. කොරියාවේ රැකියා සඳහා භාෂා විශේෂ පරික්ෂණයෙන් සමත්විම අනිවාර්ය වේ.

    මෙම විශේෂ විභාගය පවත්වනු ලබන්නේ දකුණු කොරියාවේ සේවා ස්ථානයන්හි වසර 04ක් සහ මාස 10ක් දක්ෂ හා කාර්යක්ෂමව කටයුතු කළ හා නීති විරෝධි කවයුතුවල නොයෙදුනු තරුණයින් සඳහා නැවත රැකියා ලබාදීමේ එකඟතාවය යටතේ ලැබු අවස්ථාවක් අනුව වේ.

    මේ අතර, 2020 වර්ෂයට අදාලව පවත්වනු ලැබූ කොරියානු භාෂා විශේෂ පරික්ෂණයෙන් සමත්වූවන්ගේ ප්‍රතිඵල www.slbfe.lkකාර්යාංශ වෙබ් අඩවියේ පළකර තිබේ. සමත්වුවන් සඳහා සම්මුඛ පරික්ෂණ 2020.12.14 සිට 18 දක්වා පැවැත්වේ.

    මේවන විට ශ්‍රී ලාංකිකයන් 25,000 ක් පමණ කොරියාවේ රැකියාවල නිරතව සිටින අතර කොරෝනා වසංගතය පැතිරිමත් සමග ගුවන් ගමන් අත්හිටුවිම හේතුවෙන් නව රැකියා සඳහා පිටත්විම අඩුවුවද, නිවාඩුවට පැමිණ නැවත රැකියා සඳහා පිටත්ව යන පිරිස අවස්ථා කිහිපයකදි මත්තල ගුවන් තොටුපල මගින් 300කට අධික පිරිසක් මේ වන විට පිටත් කර ඇත.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya