මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය දුර්භාවිත තොරතුරු අත්පොත-2020 නිලවශයෙන් එළි දැක්වෙයි- මත්ද්‍රව්‍ය ඇබ්බැහිකාරී පුද්ගලයින් සඳහා ප්‍රජාපාදක ප්‍රතිකාර වැඩසටහන් ව්‍යාප්ත කිරීමට සැලසුම්

    දෙසැම්බර් 04, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව මත් ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් වන රටක් බිහිකිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා රාජ්‍ය කේන්ද්‍රීය ආයතනය ලෙස අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතුවල නියැලී සිටියි.

    ඒ අනුව දීප ව්‍යාප්තව මත්ද්‍රව්‍ය ඇබ්බැහිකාරී පුද්ගලයින් සඳහා ප්‍රජාපාදක ප්‍රතිකාර වැඩසටහන් ව්‍යාප්ත කිරීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සැළසුම් කර ඇත. ඊට අදාළ ප්‍රතිකාර කාර්යමණ්ඩලය පුලුල් කිරීම යටතේ අලුතින් බඳවාගත් සහකාර උපදේශක නිලධාරීන් සහ උපදේශන සහකාරවරුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්  මේජර් ජනාරල් ( විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන්  සිදු විය.

    මෙම අවස්ථාවට සමගාමීව මත්ද්‍රව්‍ය දුර්භාවිතය,නිවාරණය හා පාලනය පිළිබඳ සංශෝධිත ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල‍යේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙළගෙදර මහතා විසින්  ආරක්ෂක ලේකම්තුමා වෙත පිලිගැන්වීම සිදුවිය.ඊට අමතරව පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ හා පළාත් පාලන වැඩසටහනට අදාළ මාර්ගෝපදේශ සංග්‍රහය ආරක්ෂක ලේකම්තුමා වෙත භාර දීම සහ මත්ද්‍රව්‍ය දුර්භාවිත තොරතුරු අත්පොත-2020 නිලවශයෙන් එළිදැක්වීම සහ 1927 දුරකථන මාර්ගික උපදේශන සේවා මධ්‍යස්ථානය නිළ වශයෙන් විවෘත කිරීමද මෙදින සිදුවිය.

     

    මෙම අවස්ථාව සඳහා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන්ති වීරසිංහ මහත්මිය,අපරාධ,සංවිධානාත්මක අපරාධ,කාන්තා ළමා අපයෝජන වැලැක්වීමේ කාර්යංශය හා මත්ද්‍රව්‍ය හා මැතිවරණ පරාසය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වීරසූරිය මහතා අන්තරායකර ඖෂධ පාලක මණ්ලයේ අධ්‍යක්ෂ ජනරාල් භද්‍රානි සේනානායක මහත්මිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතාද සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya