මේ රට ගොඩනැගීමේ තිබූ ප්‍රධානම බලාපොරොත්තුව සංචාරක ව්‍යාපාරය බවත් එය ක්‍රමයෙන් නගා සිටුවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය. සංචාරක සහ වරාය කටයුතු පිළිබඳ අමාත්‍යංශයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයන්ට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ඩොලර් මුදල් මෙරට ප්‍රධානම අදායම් මාර්ග වී තිබූ බවද සංචාරක ව්‍යාපාරයේ නියැලූවන්ට රජය විශාල සහණ ප්‍රමාණයක් ලබා දුන් බවත් පැවසූ අමාත්‍යවරයා නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවන බවද පැහැදිළි කළේය.
තවද මෙරටට පැමිණ මාලදිවයින බලා පිටත්වන සංචාරකයින් විශාල ප්‍රමාණයක් සිටින බවද ඔවුන් මෙරට රැඳී සිටින දින ප්‍රමාණය වැඩි කර ගතහොත් විශාල ආදායමක් උපයා ගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.