මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සදහා ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු මුදලක් වැය කර නොමැති බව ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කළේය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තවද ඉදිරි වසර තුළ නව ක්‍රීඩා පනතක් හදුන්වාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.