ඒ අනුව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත්කර තිබූ අමාත්‍යාංශය සතු වාහන නැවත නිසි ප්‍රමිතීන්ට අනුකූලව අලුත්වැඩියා කර භාවිතයට යෙදවීම සිදු කෙරිමේ ප්‍රථම පියවර වශයෙන් වාහන අංගනයේ දිරාපත් වෙමින් එන්ජිමේ දෝෂ සහගත තත්වයන් හේතුවෙන් භාවිතයෙන් සම්පූර්ණයෙන් බැහැර කර තිබූ ඉහළ වටිනාකමකින් යුතු නිසාන් පෙට්‍රල් වර්ගයේ ජීප් රථයක් රාජගිරිය නාවල පාරේ පී.ආර්.හොල්ඩින්ස් ආයතනය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ඉල්ලීමකට අනුව විශේෂ මහජන සේවාවක් සේ සළකා ඉතාමත් අඩු මුදලකට අමතර කොටස් සඳහා වැයවන මුදල පමණක් අය කරමින් ඉංජිනේරු උපදෙස් වලට අනුව අලුත්වැඩියා කර අමාත්‍යාංශය වෙත නැවත භාර දෙන ලදී.
පී.ආර්.හොල්ඩින්ස් සමාගමේ අධිපති ප්‍රසන්න රාජපක්ෂ මහතා ( 04) දින අමාත්‍යාංශයේදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට එම වාහනය භාරදීම සිදු කරන ලදී. මෙසේ දිරාපත්වෙමින් අතහැර දමා තිබූ මෙම වාහනයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ දෙසීයක් පමණවේ.