මිය යන විට 67 වියෙහි පසු වූ ටී.බී. ඒකනායක මහතා, කුරුණැගල දිස්ත්‍රික්කයේ යාපහුව ආසනය නියෝජනය කළ දේශපාලඥයකි. ඔහුට ආදරය කළ ජනතාව ''යාපහුවේ සිංහයා'' ලෙස ඒ මහතා හැදින්විය. සංකෘතික හා කලා කටයුතු අමාත්‍යවරයාව සිටිය දී කලාව හා සංකෘතිය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කිරීමට ඒ මහතා කටයුතු කළේ ය. සිනමා මෙන් ම සිනමා සහ ටෙලි නාට්‍ය් ක්ෂේත්‍රය උන්නතිය වෙනුවෙන් කටයුතු කළ ටී.බී.ඒකනායක මහතා සම්මානනිය ටෙලි කෘති රැසකට රංගනයෙන් ද දායකත්වය දී තිබේ.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා කළ සේවය අගයමින් ස්‍යාමෝපාලි වංශික සියම් මහා නිකායේ මල්වතු මහා විහාරයීය උත්තරීතර මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් "කීර්ති ශ්‍රී ජනරංජන" ගෞරව සම්මාන උපාධි නාමය ද ඒ මහතා වෙත පිරිනමා තිබුණි.