කළමැටිය ධීවර වරායේ ගින්නෙන් සිදු වූ හානි ප්‍රතිපූර්ණයට කළමැටිය ධීවරයින් 26 දෙනෙකු සඳහා, එක් ධීවරයෙකුට රුපියල් ලක්ෂ හත හමාර බැගින් වටිනා ධීවර යාත්‍රාවක් සහ ධීවර ආම්පන්න බෙදාදීම ද අග්‍රාමාත්‍යතුමා අතින් මෙහිදී සිදු විය.
රැකව තොටුපොළ ආශ්‍රිතව පවුල් 300 ක් පමණ ධීවර කර්මාන්තයේ නිරත වන අතර, ඉදි කිරීමට යෝජිත රැකව ධීවර නැංගුරම්පොළ තුළින් ධීවර ප්‍රජාවගේ ධීවර කටයුතු සඳහා එය වඩා ඵලදායී වනු ඇත.
තංගල්ල හා හම්බන්තොට ධීවර වරාය අතර පිහිටා ඇති මෙම යෝජිත ධීවර නැංගුරම්පොළ තුළ මීටර් 300 කින් යුතු ප්‍රධාන දියකඩනය, මීටර් 75 කින් යුතු වැලිකඩනය හා නාවුක ගමනාගමනය පහසු කරවීම පිණිස පිවිසුම් ඇළක් ඉදි කිරීමට යෝජිතය.
පිටත එන්ජිම සහිත ෆයිබර් යාත්‍රා 350 ක් සඳහා පහසුකම් සපයා දීම මෙන්ම යාත්‍රා සඳහා ආරක්ෂාකාරී යාත්‍රා පිවිසුමක් ලබාදීම තුළින් ධීවර කාර්මිකයාට මෙන්ම, පවුල්වල පිරිස් සඳහා වඩා සුරක්ෂිත වෘත්තීය මට්ටමක් මේ තුළින් ලබාදීමට අපේක්ෂිතය.
රැකව ධීවර නැංගුරම්පොළ ඉදි කිරීම තුළින් 1500 කට අධික පිරිසකට ජීවනෝපායන් සැලසෙන අතර බහුදින යාත්‍රා 70ක් පමණ ධීවර කටයුතුවල නියැළෙනු ඇත.
අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ මෙහි ඉදි කිරීම් අවසන් කිරීමට නියමිත අතර ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 379.53 කි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමා,
මේ ධීවර වරාය අපේ ඔලුවල එදා 70 මන්ත්‍රී කෙනෙක් වෙන්න කලින් ඉදලම තිබුණා. මගේ මැතිවරණ ඉතිහාසයේ මුල්ම සාකච්ඡාව පටන් ගත්තේ රැකව ඉදලා. රැකවෙන් තමයි අපි සාකච්ඡා කරලා මුලින්ම දේශපාලන කටයුතුවලට එළියට බැස්සේ. ඒ නිසා රැකවත් එක්ක අපිට තියෙන්නේ ඒ සම්බන්ධතාවය.
විශේෂයෙන්ම මම සන්තෝෂ වෙනවා අද. මොන පක්ෂෙන් ආවත්, ආණ්ඩු කළත් හැම දේශපාලන නායකයාගේම හිත්වල තිබුණා, හැම දේශපාලන නායකයාටම ඕනි වෙලා තිබ්බා මේ ධීවර වරායන් හදන්න. නමුත් එය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණේ අපට. හුගක් අය මොනවා කිව්වත් රට පුරාම අද වෙනකොට ධීවර වරායන් 22ක් තියෙනවා. අපි ධීවර කර්මාන්තය දියුණු කරා. ඒ ගැන අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. කම්කරු ඇමතිව ඉදලා ධීවර ඇමති වුනාම සංවර්ධනය කරන්න අමාත්‍යංශයක් භාර අරගෙන ධීවර ජනතාවගේ අවශ්‍යතාවයන් ලබා දෙන්න අපි ඒ කාලේ ඉදන්ම පියවර ගත්තා. අපිට ඒ සදහා පුළුවන්කම ලැබුණා. රට වටේට මුහුද තියෙනවා. අපි තවමත් පිටරටින් මාළු ගේනවා. අපේ මුහුදෙ තියෙන මාළු ටික වෙන රටවල් අරගෙන යනවා. මේක නැවැත්වීමට අපි පියවර ගන්නවා. ධීවර අමාත්‍යතුමා ඇතුළු සියලු දෙනා එකතු වෙලා එය නවත්වන්න පියවර ගන්නවා. අපි අපේ මුහුද ආරක්ෂා කරගෙන ධීවර කර්මාන්තය වඩා දියුණු කරලා ජනතාවට අවශ්‍ය මාළු ටික සපයනවා විතරක් නෙමෙයි අපිට විදේශ මුදල් ලබා ගැනීම සඳහා පිටරට යැවීමත් කරන්න පුළුවන්. දැනටමත් අපිට විදේශ ආදායම් ප්‍රමාණයක් ලැබෙනවා ධීවර කර්මාන්තයෙන්. අපි මේ කර්මාන්තය දියුණු කරන්න පළාත දියුණු කරන්න අපේ වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා. මේ ආණ්ඩුව පිහිටුවාට