මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    සුරාබදු වැටලීමකදී අයිස් කිලෝ ග්රෑම් 100 ක් සමග හෙරෝයීන් කිලෝ ග්රෑම් 100 ක් අත්අඩංගුවට

    දෙසැම්බර් 07, 2020

    ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් සිදු කරන ලද විශාලතම මත්ද්‍රව්‍ය ග්‍රහණය වාර්තා කරමින් අද දින උදෑසන සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සුරාබදු නිළධාරීන් කන්ඩායමක් විසින් හලාවත තොඩුවාව ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 100 ක් සමග හෙරෝයීන් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 100ක් අත්අඩංගුවට ගන්නා ලදි.

    ඒ සමගම එම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත සැකපිට පුද්ගලයින් සිවු දෙනෙකුද එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලද වාහන හතරක් ද සුරාබදු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇත. එම වාහන අතර කාර් රථ දෙකක් ලොරි රථයක් හා වෑන් රථයක්ද වේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 37 - 44 සීමාවේ පසුවන්නන් වන අතර ඔවුන් ගනේමුල්ල, දෙමටගොඩ හා මීරිගම ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

     

    දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශණයකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද සුරාබදු බුද්ධි ඒකකයේ ද සහභාගීත්වය සහිතව මෙම වැටලීම සිදුකර ඇති අතර එය සුරාබදු කොමසාරිස් ජනරාල් වරයාගේ පුද්ගලික මැදිහත්වීම යටතේ සිදුකිරීම විශේෂත්වයකි.

     

    අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයෙහි සිල්ලර වෙළඳ වටිනාකම රුපියල් මිලියන 900 ඉක්මවන අතර හෙරෝයීන් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 1200 ඉක්මවන බව වාර්තා වේ. ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සමස්ථ මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් බිලියන දෙක ඉක්මවයි.

     

    අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් වරයෙකුගේ අධීක්ෂණය යටතේ සුරාබදු බුද්ධි ඒකකයෙහි ද මැදිහත් වීම මත මෙම වැටලීම සම්බන්ධ වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබන අතර, මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒම හා ඒවා දිවයින තුළ බෙදාහැරීම සිදුකරනු ලබන ජාවාරම් කරුවන්ගේ ජාලය හදුනා ගැනීමටත් ඊට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන ඒමටත් සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya