මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    දිවයින පුරා පාසල් අසළ පවතින රථ වාහන තදබදය අවම කිරීමට ඉදිරියේදී පාසැල් අසල උමං මාර්ග හෝ කුඩා ගුවන් පාලම් ඉදිකිරීමට පියවර ගන්නවා - මහාමාර්ග අමාත්‍ය

    දෙසැම්බර් 07, 2020

    පාසල් අසල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාර මාරුවීම නිසා කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල රථ වාහන තදබදයක් ඇති වී ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි .

    සෑම ප්‍රධාන නගරයකටම ඇතුළුවන සෑම ප්‍රධාන මාර්ගයක් දෙපසම පාසැල් පිහිටා ඇති බැවින් උමං මාර්ග හෝ කුඩා ගුවන් පාලම් ඉදිකිරීම හරහා පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාර මාරු වීමට සැලැස්වීම තුළින් නගරබද වාහන තදබදය අවම කර ගත හැකි බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි .

     නමුත් වර්තමානයේ දී සිදුවන්නේ පාසල අසල මාර්ගයේ කහ ඉරි ඇඳ මාර්ග සංඥා පූර්ව සවිකර පාසල් සිසුන්ට දෙමාපියන්ට සහ ගුරුවරුන්ට මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ සැලැස්වීමයි .මේ නිසා පාසල ආරම්භ වන උදෑසන කාලයේදී සහ පාසල් අවසන් වන දහවල් කාලයේදී කොළඹ ඇතුලු නගරබද ප්‍රදේශවල දැඩි වාහන තදබදයක් ඇති වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. මෙසේ උමං මාර්ග හා කුඩා ගුවන් පාලම් මගින් මෙම තදබදය අවම කර ගත හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ නාගරික රථවාහන තදබදයට විසඳුම් සෙවීම පිළිබඳව පසුගියදා අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී පැවති රැස්වීමට සහභාගී වෙමිනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya