මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව් ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට දකුණු අප්‍රිකාවේ දොර ඇරේ

    දෙසැම්බර් 07, 2020

    දකුණු අප්‍රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට එරට අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ තානාපති සේවය අවසන් කර සිය මව් රටට යෑමට පෙර ඉකුත් සිකුරාදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී ඇය මේ බව සඳහන් කළාය. විදේශ අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු විය.

     

    දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා දියුණු කර දෙරටේ සුහදත්වය හා අන්න්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කීරිම සඳහා තානාපති ලෙස ඉටුකර ඇති කාර්යය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කෘතවේදීව සිහිපත් කරන බව මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

     

    දැනටමත් දකුණු අප්‍රිකානු සුපිරි වෙළඳසැල් ජාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවත් එම වෙළඳසැල් ප්‍රමාණය විස්සක් දක්වා වැඩි කර ගැනිමට කටයුතු කරන බවත් මෙහිදී මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සදහන් කළාය. එහිදී ඇය පෙන්වා දුන්නේ එම වෙළඳසැල් සදහා අප්‍රිකාවේ සිට භාණ්ඩ රැගෙන එන කන්ටේනර් ආපසු යන විට ශ්‍රී ලංකාවේ තේ හා වෙනත් නිෂ්පාදන එරටට යැවීමට අවශ්‍ය පහසුකම් සුදානම් කර ගත හැකි බවය.

     

    ශ්‍රී ලංකාවේ තේවලට අප්‍රිකාව තුළ හොඳ වෙළඳපොලක් සකස් කර දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එළවළු හා පළතුරුවලින් 40% ක් පමණ අපතේ යන බැවින් ඒවා කල් තබා ගැනමට අප්‍රිකාවේ තාක්ෂණය හා සහයෝගය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

     

    ශ්‍රී ලංකාව හා අප්‍රිකාව අතර ඇති සහයෝගිතාව දිගටම ශක්තිමත්ව පවත්වා ගත යුතු බව අවධාරණය කළ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ වත්මන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳවද සිය ප්‍රසාදය පළ කළාය. මෙම හමුවට විදේශ අමාත්‍යංශයේ අප්‍රිකානු කලාපීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් දසනායක මහතාද සහභාගි විය.

     

    විදේශ අමාත්‍යාංශය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya