මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    වත්මන් රජය අභියෝග ජය ගැනීම ගැන කියුබාවේ ප්‍රසාදය පළවේ

    දෙසැම්බර් 07, 2020

    දරුණු අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා රජය දේශපාලන හා සමාජ-ආර්ථික ක්‍ෂේත්‍රයන්හි ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව කියුබානු රජයේ ප්‍රසාදය පළ කරයි.

    ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි ජුවානා එලෙනා රමෝස් රොඩ්රිගුවෙස් මහත්මිය ඉකුත් සිකුරාදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළාය. විදේශ අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු විය.

    අමාත්‍යවරයා හා තානාපතිනිය අතර ඇති වු සාකච්ඡාවේදී කියුබානු විශේෂඥතාවයෙන් සහ තාක්ෂණික සහායෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබිය හැකි ඖෂධ නිෂ්පාදනය සහ උක් කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙළේය. කියුබාවේ පොල් කර්මාන්තයේ දියුණුව සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

    2019 දී ශ්‍රී ලංකාව සහ කියුබාව අතර වසර 60 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම සිහිපත් කරමින්, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාවේ ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා ආයතනය (LKI) සහ කියුබාවේ රාවුල් රෝ ගාර්ෂියා උසස් ජාත්‍යන්තර සබඳතා ආයතනය අතර පවතින සහයෝගීතාවය මෙන්ම, කියුබානු රජය විසින් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවක් සඳහා ශ්‍රී ලංකාවට ලබා දෙන ශිෂ්‍යත්ව තුළින් උසස් අධ්‍යාපනයේ පවතින සහයෝගීතාවය ද පිළිගැනීමට ලක් කළහ. ව්‍යාපාරික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ කියුබටෝ වාණිජ මණ්ඩලය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ද ඔවුහු පිළිගත්හ.

    සාම්ප්‍රදායික උණුසුම් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා මත, ශ්‍රී ලංකාව සහ කියුබාව අතර බහුපාර්ශ්වික ක්ෂේත්‍රයේ අදාළ ගැටළු පිළිබඳ සහයෝගිතාවය ගොඩනඟා ගැනීම වෙත ද අවධානය යොමු කරන ලදී. මේ සම්බන්ධයෙන්, නොකඩවා ලබා දුන්නේය බහුපාර්ශ්වික වේදිකාවල දී ශ්‍රී ලංකාව වෙත ලබා දුන් අඛණ්ඩ හා නොමසුරු සහය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා කියුබානු රජයට සිය අවංක ඇගයීම පළ කළ අතර, එම හැඟීම් එසේම කියුබානු තානාපතිනිය විසින් ද අන්‍යෝන්‍ය වශයෙන් පළ කරන ලදී.

    හයිටි ජනරජයේ ශ්‍රී ලංකා සේවකයින්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර යැවීම තුළින්, මේ වසරේ මැයි මාසයේ දී තීරණාත්මක මොහොතක ශ්‍රී ලාංකික ඇඟලුම් කර්මාන්තය වෙත ලබා දුන් සහයෝගය පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මහතා කියුබානු රජයට සිය කෘතඥතාවය පළ කළේය. කියුබානු තානාපතිවරිය ශ්‍රී ලංකාව සහ කියුබාව විසින් කොවිඩ්-19 වසංගතය ඵලදායී ලෙස පාලනය කිරීම පිළිබඳව සඳහන් කළ අතර, එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් කියුබාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව විදේශ ඇමතිවරයාට දන්වා සිටියාය. කොවිඩ්-19 වසංගත සමයේ දී ලොවට විශිෂ්ට සේවාවක් කළ කියුබානු වෛද්‍ය කණ්ඩායම් සඳහා ‘ශ්‍රී ලංකාවේ කියුබාවේ මිතුරන්’ විසින් ලබා දෙන සහයෝගය පිළිබඳව ඇය සිය මහත් සේ ප්‍රසාදය පළ කළාය.

     

    විදේශ අමාත්‍යාංශය

    කොළඹ, ශ්‍රී ලංකාව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya