තාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් මෙම ගැටළුව විසඳීම කෙරෙහි රජය අවධානය යොමු කර තිබේ. වනඅලි ගැටළුව ස්ථිරසාර විසඳුමක් ලබා දීමට රජය කටයුතු කරන බවත්, අලි මිනිස් ගැටුම අවම කිරීමේ උපාය මාර්ග හඳුනාගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. වනජීවී අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව අද (07) පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා විවිදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන අලි ගහණය 6000ක් පමණ වන අතර එය ආසියාවේ වෙසෙන අලින්ගෙන් 10% ක ප්‍රතිශතයකි. 2020 වසරේ අලි මිනිස් ගැටුම හේතුවෙන් ජිවිත හානි 74ක් වාර්තා වී ඇත. වනජීවී වාසස්ථාන සුරක්ෂිත කරමින්, අලි වැට,අලි අගල් ඉදිකිරීම වැනි ප්‍රජා මූල වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට, කැලෑ නැවත වගා කිරීම, ගැමියන් වනෝද්‍යාන තුළට ඇතුල් වීම පාලනය කිරිම සැළසුම් මේ සඳහා ක්‍රියාත්මක වේ.
වසරකට වනජීවී නිලධාරින්ගේ ජීවිත 10කට වඩා අහිමි වන බවත් වනජීවී නීතිරීති තවදුරටත් දැඩි කිරීම සඳහාද කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය. ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන වනාන්තර තුළ කෙරෙන අනවසර කටයුතු නිරීක්ෂණය කිරිමටද ඉදිරියේදි බලාපොරෝත්තු වේ.
දැනට අධිකරණය භාරයේ සිටින අලි ඇතුන් නඩත්තු කිරීමට රජයට විශාල මුදලක් වැය වේ. හීලෑ අලි ඇතුන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන්ද ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය. සුරතන් සතුන් ඇති කිරීමේ නීතිරීති නියාමනය කිරීමට ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.
උඩ වලව ඇත් අතුරු සෙවණෙහි අහිංසක අලි පැටවුන්ට රැකවරණය ලබා දෙන බවත් අවම පහසුකම් යටතේ කටයුතු කරමින් එම අලි ඇතුන් රැක බලා ගන්නා එම නිලධාරින්ගේ පහසුකම් දියුණු කිරීම වෙනුවෙන්ද රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.පසුගිය වසර 5 තුළ ස්ථිරි කිරිමට නොහැකි වූ වන ජීවී නිලධාරින් ස්ථිර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කර තිබේ.
තිරසාර පරිසරයක් අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් පරිසර අමාත්‍යංශය වැඩපිළවෙළවල් රැසක් ක්‍රියාවට නංවා ඇතැයි අමාත්‍යවරයා පැහැදිළි කළේය. ගිලන් වූ සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව රෝහලක් සහ ගිලන් රථ සේවාවක් ඇති කිරීමට මෙන්ම පසු වෛද්‍ය ශික්ෂණ රෝහලක අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයිද අමාත්‍යවරයා කීය. මීට අමතරව සංචාරක බංගලා අළුතන් ඉදිකිරීමටද , සෆාරි උද්‍යන සංවර්ධනය කිරිමට කටයුතු කරයි.