ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, ජාතික පද්ධතිය හා එක්කාසු කරන මන්නාරම සුළං බලාගාරයේ උත්සව භූමිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
මන්නාරම සුළං බලාගාරය අතිගරු අග්‍රඅමාත්‍යය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරු 10.00 ට විවෘත කෙරන අතර, ලංකා විදුලි බල මණ්ඩලය සතු වන පළමු සුළං විදුලි බලාගාරය වන්නේද මන්නාරම සුළං බලාගාරයයි.සුළං කුළුණු 33 කින් මෙම සුළං බලාගාරය සමන්විත වන අතර. මෙමගින් මෙගා වොට් 100 ක් ජාතික පද්ධතියට මුසු කිරීමට බලාපොරොත්තු වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
අද(08) දිනයේදී අපිට පුළුවන්කම ලැබෙනවා, ජාතික විදුලි බල පද්ධතියට, පුනර්ජනනීය බලශක්තිය මගින් සුළං බලාගාරයේ මෙගා වොට් 100 ක බලාගාරය ජනතා අයිතියට පත් කරන්න පුළුවන්කම ලැබෙනවා.ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්, විදුලි බල මණ්ඩලයට, සුළං බලාගාරයක් විදිහට විශාලතම හා ප්‍රථම සුළං බලාගාරය ලෙස මන්නරාම සුළං බලාගාරය අද(08) ජනතා අයිතියට පත් වෙන්නේ.ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ වගේම බලාගාර කීපයක්ම ලංකාව පුරාම ඉදි කරන්න, එතනදී තවත් සුළං බලාගාරයක් අපි බලාපොරොත්තු වෙනවා තවත් මෙගාවොට් 240 ක පූනරීන් වල ආරම්භ කරන්න,ඒ වගේම මන්නාරමේ තවත් මෙගා වොට් 300 ක් මේකට එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.මං හිතන්නේ පුනර්ජනනීය බලශක්තියේදී අපි සුළං බලාගාරයක් විදිහට අපි ලබන විශාල ජයග්‍රහණයක් මේක, මේ හරහා විදුලි ඒකකයක් නිෂ්පාදනය කර ගැනීම සඳහා රුපියල් 10 කට වඩා අඩු මුදලක් තමා වැය වෙන්නේ, මෙවැනි බලාගාර වැඩි වශයෙන් ඉදි වීමත්, ඒ වගේම පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කිරීමත් සමඟ අපි විශ්වාස කරනවා, අපි බලාපොරොත්තු වෙනවා රටේ ජනතාවට අඩු මුදලකට ඉදිරියේදී සපයන්න හැකියාව ශක්තිය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. යැයි පැවසීය.