මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරනවා - අමාත්‍ය ලොහාන් රත්වත්තේ

    දෙසැම්බර් 08, 2020

    බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ දී පැවසීය.


    වැඩිවෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම පියවර අනුගමනය කරන බව හෙතෙම කීවේය.  අධිකරණ අමාත්‍ය අලි සබ්‍ර්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනි දා පාර්ලිමේන්තු සංකිර්ණයේ දි කාරක සභාව රැස්විය.
    මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවියන් 28, 951 ක් සිටින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව, COVID තත්ත්වය සැලකිල්ලට ගෙන සමාව ලබා දිය හැකි රැඳවියන් නිදහස්  කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව ද ප්‍රකාශ කළේය.
    සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එය අනුමත වුවහොත් දඩුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති  සිරකරුවන් නිදහස් වන බවත්, මරණ දඩුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බවත් අමාත්‍යවරයා කීවේය. සිව් අවුරුදු සමාව ලබාදීම වසර 40 ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවද  හෙතෙම වැඩිදුරටත් කීවේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya