මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    covid-19 වෛරසයට එරෙහි ව දේශීය ආයුර්වේද නිෂ්පාදන ලෙස ලබා දී තිබෙන ඖෂධ පිළිබඳව රජය ධනාත්මකව සළකා බලනවා - අමාත්‍ය රමේෂ් පතිරණ

    දෙසැම්බර් 08, 2020

    දේශීය ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යානුකුලව සාධනීය තත්තවයකට සකස් කොට, විශ්ලේෂණාත්මකව සැක හැර දැනගැනීමෙන් පසුව රෝගීන්ට ලබා දීමට බලාපොරොත්තු වන බවත්, Covid-19 වෛරසයට එරෙහි ව දේශීය ආයුර්වේද නිෂ්පාදන ලෙස ලබා දී තිබෙන ඖෂධ පිළිබඳව රජය ධනාත්මකව සළකා බලන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (08) ප්‍රකාශ කළේය.


    ලොව පුරා රවටවල් මේ වන විට COVID – 19 වෛරසයට එරෙහිව එන්නත්කරණය වැඩසටහන ආරම්භකොට තිබෙන අතර මේ වන විට ලංකාව තුළ වෛරසයට එරෙහිව දේශීය වෛද්‍ය ක්‍රමයේ විවිධ සොයාගැනීම් පිළිබඳව විශාල වශයෙන් සාකච්ඡාවට බඳුන් ව ඇති මොහොතක ඒ සම්බන්ධව රජයේ වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව සහ ඒ
    සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කොට තිබේ ද සහ ලංකාව තුළ ද එවැනි එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    එමෙන්ම, දේශීයව නිෂ්පාදිත ඖෂධ වෛරසයට එරෙහිව හොඳින් ප්‍රතිචාර දක්වන්නේ නම් වෛරසය මැඩලීමේ කෙටි කාලින ක්‍රියාමාර්ගයක් ලෙස ජනතාවට ලබා දීමට බටහිර වෛද්‍යවරුන්ගේ එකඟතාවය ද ලැබී ඇති බව ද ඒ මහතා මෙහි දී විශේෂයෙන් සඳහන් කළේය.
    දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත් සෑම රටකටම සමානව බෙදා දීමේ වැඩපිළිවෙලක් සකස්කොට තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ලංකාවට ලැබීමට නියමිත ප්‍රමාණය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීම් කොට ඇතැයි සඳහන් කරන ලදුව, එන්නත මේ වනවිට ක්‍රියාකාරී බවක් පෙන්නුම් කොට
    ඇති බවත්, යථාකාලයේ දී එම එන්නත් වල නිෂ්පාදන ධාරිතාවය අනුව ලංකාවට ද එම එන්නත් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරනු ඇති බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    ඒ අනුව, ඉදිරි මාස හයක කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් COVID-19 වෛරසයෙන් අත්මිදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද හෙතෙම කියා සිටී.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya