ඒ මහතා මේ බව කියා සිටියේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී රජයේ පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධව මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් ලබා දෙමිනි.
එමෙන්ම, ලංකාවට ආනයනය කළ පොහොර තොග මේ වන විට ලැබෙමින් පවතින බවත්, එම පොහොර ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත්, ලංකා පොහොර සංස්ථාවත්, අනිකුත් බෙදාහැරීමේ ආයතනත් සමඟ එක්ව ලංකාවේ සියලුම ප්‍රාදේශීය කර්යයාලවලට ලබා දීමට කටයුතු කෙරෙමින් පවතින බවත් මෙහි දී කියා සිටියේය.
පසුගිය දිනවල දී ඇති වූ COVID – 19 වසංගතයත් සමඟ දිවයින තුළ පොහොර බෙදා හැරීම සම්බන්ධව යම් යම් ගැටළු සහගත තත්ත්වයන් උද්ගත වූ නමුත්, මේ වන විට පොහොර ගොඩබෑමෙන් පසුව ඍජුව ම ප්‍රාදේශීය පළාත් වලට ප්‍රවාහන කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කොට ඇතැයි ද එමඟින් ප්‍රවාහනය සම්බන්ධව ඇති වී තිබෙන ගැටළු ක්‍රමානුකූලව අවම වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද, හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.