මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    මේ රටේ හීනයක් වූ අධිවේගී මාර්ග සහ කොන්ක්‍රීට් මාර්ග ඉදි කිරීම හඳුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ රජයයි- අමාත්‍ය ප්‍රසන්න රණතුංග  

    දෙසැම්බර් 08, 2020

    මේ රටේ හීනයක් වූ අධිවේගී මාර්ග සහ කොන්ක්‍රීට් මාර්ග ඉදි කිරීම හඳුන්වා දුන්නේ 2005 සිට 2009 දක්වා කාල සීමාවේ සහ 2010-2015 කාල සීමාව තුළ පැවති මහින්ද රාජපක්ෂ රජය බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    අද(08) දින පාර්ලිමේන්තුවේ පැවති මහා මාර්ග අමාත්‍යංශයේ කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    උතුරු වසන්නතය, නැගෙනහිර නවෝදය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දකුණට විතරක් නොව උතුරු නැගෙනහිරටත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්ෂ යුගයේ රජය කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා,

    "එදා උතුරේ ජනතාවට දකුණට ඇවිත් තමන්ගේ භාණ්ඩ අලෙවි කරගත හැකි පරිදි මාර්ග පද්ධතිය සකස් කළා. එහෙත් උතුරේ දේශපාලක්ඥයින් ජාතිවාදය අවුස්සන්න කටුයුතු කරනවා . යහපාලන ආණ්ඩුවට හේත්තු වෙලා අහිංසක දෙමළ ජනතාවට කිසිම ප්‍රතිලාභයක් ලබා දුන්නේ නැහැ. උතුරේ දේශපාලක්ඥයින් එම ජනතාව තුළ රජය කෙරෙහි වෛරයක් ඇති කර තිබෙනවා. එහෙත් ජනතාවට කියන්නේ රජය සමග අත්වැල් බැඳගෙන කටයුතු කරන්න. ඒ සඳහා සියළු දෙනාටම ආරාධනා කරනවා. හොරුන්ට අවශ්‍ය පරිසරය මෙරට නිර්මාණය කළේ යහපාලන ආණ්ඩුවයි. මහර සිදුවීම පිටුපස සිටින්නේ කුඩු ව්‍යාපාරිකයන් සහ පාතාලයයි. ඔවුන්ට සහයෝගය ලබා දෙන්නේ විපක්ෂ දේශපාලක්ඥයෝයි.

    යටිතළ පහසුකම් දියුණු කිරීමට මෙම රජය විශාල වැඩපිළිවෙළක් සිදු කරන බවත් පොදු ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya