ප්‍රමුඛතාව ලබා දිය යුතු ව්‍යාපෘතින් පිළිබඳව රජය පැහැදිළිව හඳුනාගෙන ඇති බවත් ජලය ලබා දීමේ ව්‍යාපෘතිය, මාර්ග ලක්ෂයක් කාපට් කිරිමේ ව්‍යාපෘතිය සහ අලිමිනිස් ගැටුමට විසඳුම් ලබා දීමේ ව්‍යාපෘති රජය සිදු කරගෙන යන බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ග පද්ධති ව්‍යාපෘතිය” (LRT) මෙන්ම, කැළණිවැලි දුම්රිය මාර්ගය නවීකරණ ව්‍යාපෘති නවතා දැමීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සහ කැළණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට ලබා දීමට නියමිතව තිබූ ආසියානු සංවර්ධන බැංකු (ADB) ආධාර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසන ලද වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රමුඛතා හඳුනාගෙන, දේශීය ව්‍යාපාරිකයන්ගේද සහයෝගය ලබා ගෙන මිස විදේශ ණය ලබා ගෙන පමණක් ව්‍යපෘති සිදු කිරිම රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි.
රජය මෙම LRT ව්‍යාපෘතිය කෙරෙහි පමණක් අවධානය යොමු කළේ නම් ජනතාවට අත්‍යාවශ්‍ය තවත් ව්‍යාපෘති අත්හිටුවීමට සිදු වන බවත් කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන පමණක් මෙය සිදු කරේ නම් අනෙක් ප්‍ර දේශවලට ඉටු කිරීමට තිබූ ව්‍යාපෘති ගණනාවක් අත් හිටුවීමට සිදු වන බවද පැහදිළි කළේය. ජපාන රජය සමග පවතින ද්වීපාර්ශික සබඳතාවන් කිසිදු ලෙසත් පළුලු වී නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. රටට හිතකර ව්‍යාපෘති කිසිවක් නවත්වන්නේ නැති බවත් නව කැලණිපාලම ඉදි කිරීමේ සහ කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති තවදුරටත් ජපන් ණය ආධාර යටතේ ක්‍රියාත්මක වේ.
පසුගිය රජය Port city ව්‍යාපෘතිය, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේද ව්‍යාපෘති අත්හිටුවීම නිසා විශාල මුදල් ප්‍රමාණයක් පාඩු සිදු වූ බවද අමාත්‍යවරයා කීය.