පාසල් පදනම් කරගනිමින් දුම්කොළ සහ මධ්‍යසාර වැළැක්වීමේ ජාතික මට්ටමේ ක්‍රියාකාරී සැළැස්මක් සකස් කිරීමට අදාල විශේෂ සාකච්ඡාවක් අද දින (08) සෞඛ්‍ය අමාත්‍ය නීතීඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති සමාධි රාජපක්ෂ මහතා ඇතුලු එම අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ නිලධාරීන් විසින් මෙරට සහ ගෝලීය පාසල් පද්ධතිය පදනම් කරගෙන සිදු කරන ලද සමීක්ෂණ වාර්තා සහ ජාතික මට්ටමේ ක්‍රියාකාරී සැළසුම් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කිරීමට කටයුතු කරන ලද අතර, 2016 වසරේ දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය පිළිබද ගෝලීය සමීක්ෂණයට අනුව මෙරට අවුරුදු 10 ට වැඩි පිරිමි දරුවන්ගෙන් සියයට 15.2 ක් දුම්කොළ ආශ්‍රිත මොනයම් හෝ නිෂ්පාදනයක් භාවිතා කරන බවටත්, සියයට 5.5 ක් මධ්‍යසාර භාවිතා කරන බවටත්, මෙම තත්ත්වය අද වන වන විට තවත් ඉහළ අගයක් ගනු ඇති බව ද මෙහිදි පෙන්වා දෙන ලදි.
සමස්ත පාසල් දරු දැරියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම හා සමාජය මත් උවදුරින් ගලවා ගැනීමේ ජාතික අවශ්‍යතාවයත්, දුම්කොළ සහ මධ්‍යසාර නිවාරණයට අදාලව විද්‍යාත්මක ක්‍රියාවලියකින් යුතු සැළැස්මක ඇති වැදගත්කමත් මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පෙන්වා දෙන ලදි. මත්ද්‍රව්‍ය නිවාරණයට අදාල උපදේශණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය පිළිබදව ද සාකච්ඡාවට ලක් වූ අතර, පාසල් සිසු දරු දැරියන් මත් ද්‍රව්‍ය වලට යොමු කිරීම ඉළක්ක කරගෙන සිදු කරනු ලබන විවිධ ක්‍රියාදාමයන් මැඩපැවැත්වීම සදහා ගත යුතු ඉදිරි පියවර පිළිබදව ද සාකච්ඡා සිදු කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය ඇතුලු වගකිවයුතු සියළු අංශ එක්ව පාසල් ඇතුලු ආයතන පරිශ්‍ර මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කරන කළාප බවට පත් කිරීමේ ඇති වැදගත්කම සහ දුම්වැටි සහ මධ්‍යසාර භාවිතයට හසු නොවීමේ කුසලතා ඉහළ නංවන ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරීමේ ඇති වැදගත්කම ද පිළිබදව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කළ අතර, ඉදිරියේ දී ඉහත ක්‍රියාවලීන්ට අදාලව චක්‍ර ලේඛ නිකුත් කිරීම, කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම පිළිබදව ද දෙපාර්ශ්වය විසින් අදහස් දක්වන ලදි.
මෙම සාකච්ඡාව සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.පී සත්කුමාර මහතා, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සෞඛ්‍ය) රේණූකා පීරිස් මහත්මිය, මානසික රෝග විශේෂඥ වෛද්‍ය දණුජ මහේෂ් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.