ඔහු මේ බව පැවසුවේ අද (08) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් යොමුකළ පැනයකට පිළිතුරු දක්වමිනි.
මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානයේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ හා පුනුරුත්ථාපනය කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අද පැවති කැබිනට් තීරණ
දැනුම්දීමේදී ප්‍රකාශ විය.
පසුගිය රජය විසින් මේ පිළිබදව සොයා නොබැලීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය වල්වැදී ඇති අතරම අමරදේව අසපුව මන්දගාමී වීම සම්බන්ධව ආණ්ඩුවේ අවධානය
නොලැබී ඇතැයි ආණ්ඩුව පැත්තටද චෝදනාවක් ඒල්ල වෙයි. මෙම මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය හා අමරදේව අසපුව යන දෙකම ප්‍රතිසංස්කරණය කර ජනතාවට ප්‍රයෝජන ගත
හැකි තත්ත්වයට පත්කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමු කර තිබෙන්නේ දැයි පැනයක් මතුකරන ලදී.
ඒයට ප්‍රතිචාර දක්වමින් කෙහෙලිය අමාත්‍යවරයා පැවසුවේ, වැරදි මත වගයක් ඉදිරිපත් වී ඇති අතර අමරදේව අසපුව වෙනුවෙන් රුපියල් මිලියන 148ක් වෙන්කර ඇති බවත් ඊට අමතරව
සංස්කෘතික අමාත්‍යංශය සහ මාධ්‍ය අමාත්‍යංශය අතර සාකච්ඡා ගණනාවක් සිදුකර අවසානයේ ඒය සංස්කෘතික අමාත්‍යංශයට ලබාදීමට කටයුතු කළ බවත් පැවසුවේය.
ඒම වැඩපිළිවෙල සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමගත් සාකච්ඡා කළ අතර පසුව විදුර විකුමනායක මහතා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධව සටහනක් තැබූ බවද පැවසුවේය.
ඒම නිසා ඒ සම්බන්ධව කිසිම සැකයක් තබානොගන්නා ලෙසත්, අවශ්‍ය කටයුතු අපේ ගම තුළ අරඹා ඒය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවත් වැඩිදුරටත් පැවසුවේය.
දෙවනි කරුණ වශයෙන් මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ පිළිබදව ඉතා කනගාටු වන අතර ඒය ඉතාමත් සාර්ථකව
කළ වැඩපිළිවෙලක් බවත් ඒහි මූලික අරමුණ ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොදාගැනීම වුවත් 2014 වසරේදී දකුණේ සංචාරය කරන සෑම දෙනෙකුම ඒය බැලීමට ගිය අතරම ඒය ජනතාවට
ඉතාමත් ප්‍රියජනක තැනක් වූවා සේම ඒ සම්බන්ධව දේශීය වශයෙන් ජනතාවගේ විශාල උනනන්දුවක්ද පැවති බවයි.
ඒමෙන්ම ඒම කාලයේදී ටෙලි සිනමා ගම්මානය භාවිතයට ගැනීම පිළිබදව විදේශීය වශයෙන්ද නව අදහස් විශාල වශයෙන් ගලා ආ බවත් මේ වන විට ඒම ටෙලි සිනමා ගම්මානය ඉතා
අවාසනාවන්ත ලෙස වල් වැදීමට පත්වී ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.
පසුගිය වකවානුවේ පෞද්ගලිකව මෙවැනි ව්‍යාපෘති ඇරඹීමට මුල්වූ අයට විරුද්ධ වීමේ හේතුව මත මෙම ටෙලි සිනමා උද්‍යානයට මෙවැනි තත්ත්වයකට පත්වන්නට ඉඩහැර ඇතැයි තමා
විශ්වාස කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
වර්තමානයේ අප රට මෙන්ම ජාත්‍යන්තරයද මුහුණපා සිටින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඒහි පීඩනයන්ට අප සැවොම ලක්වී ඇති අතරම ලබන වසර වන විට කොවිඩ් වසංගතයට නිශ්චිත
වැඩපිළිවෙලක් ගෙන ඒමට හැකිවෙතැයි බලාපොරොත්තු වන අතරම ඒවිට ලෝකයේම ජන ජීවිතය සාමාන්‍ය අතට හැරෙන තත්ත්වයකට ගෙන ඒමට හැකිවනු ඇත. ඒමෙන්ම අධිවේගී මාර්ගය
ඔස්සේ පැයක් දෙකක් ඇතුලත මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයට ළඟාවීමේ පහසුකම්ද අප සතුව පවතී. මෙම සාධක සැලකිල්ලට ගනිමින් ඒම ව්‍යාපෘති වලට අවශ්‍ය පසුබිම නිර්මාණය
කිරීමටත් පෙර සූදානමක් වශයෙන් වල්වැදී විනාශ වී ඇති ආයතන ගොඩනැගීමේ වැඩපිළිවෙලක් වශයෙන් ඒම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.