මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ටැබ් පරිගණක නොමිලේ ලබාගැනීමට ලියාපදිංචි වන්නැයි රජය විසින් දන්වා ඇති බවට සමාජ මාධ්‍යන්හී පළ කරන කතා අසත්‍යයි

    දෙසැම්බර් 08, 2020

    රජය විසින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව පවතින බවත් සඳහන් ප්‍රවෘත්තියක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.

    එහෙත් පාසල් වෙත ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවැනි පියවරක් ගෙන නොමැත.

    සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී ව සහ පහසුවෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් ඩිජිටල් ඉගෙනුම් ආධාරකයක් වශයෙන් ටැබ් පරිගණක ලබාදීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය පත්‍රිකාවට මේ වනවිට අනුමැතිය ලැබී ඇති අතර, ඒ අනුව, දිවයිනේ දුෂ්කර හා ග්‍රාමීය පාසල්වල 6-11 ශ්‍රේණිවල පාසල් දරුවන් හා ගුරුභවතුන්ට ටැබ් පරිගණක ලබාදීමේ පළමු අදියර දැනටමත් ආරම්භ කර තිබේ.
    අමාත්‍ය මණ්ඩල තීරණ අනුව 2020 01.17 දින පත් කරන ලද විශේෂඥ කමිටුවක් විසින් මීට අදාළ පාසල් තෝරා ගැනීම සඳහා කටයුතු කර ඇත.
    ඒ අනුව නිර්ණායක මත පදනම්ව දිවයිනේ සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් 6 - 11 ශ්‍රේණි සහිත පාසල් 1,401 ක් සඳහා පළමු අදියරේ දී ටැබ් පරිගණක ලබාදීමට පියවර ගැනේ. ජාතික පාසල් 184ක් හා පළාත් පාසල් 1,218 මේ යටතට අයත් වේ. ඒ අනුව , පළමු අදියරේ දී 6-11 ශ්‍රේණිවල සිසුන් 83,086ක් සහ ගුරු භවතුන් 9,941ක් වෙත ටැබ් පරිගණක ලබා දෙනු ලැබේ. මේ සඳහා ආරෝපණ රාක්ක 2,578 ක් ලබාදීමට පියවර ගෙන ඇත.
    මේ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු සඳහා පරිශීලක අත්පොත් ද (User Manual) මේ වනවිට සකස් කර ඇත. එමෙන් ම මෙම ටැබ් පරිගණක සඳහා අන්තර්ජාල පහසුකම් සැපයීමට ද කටයුතු කරමින් පවතී .
    පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග හරහා නව පියවර රැසක් ක්‍රියාවට නංවමින් සිටින මෙම වකවානුවෙහි අධ්‍යාපනය තාක්ෂණය සමඟ සබැඳිව පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. මේ නිසා දුර්මතධාරීන්ගේ නොමඟයැවීම්වලට හසුනොවන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන නිල නිවේදන කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
    සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි පියවර අමාත්‍යාංශය විසින් නිකුත් කරන නිල ප්‍රවෘත්තීන් තුළින් දැනුම් දෙනු ලැබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya