මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    නවීන මාර්ග පද්ධතියක් මෙරට ඇති කරමින් මේ රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු කරනවා

    දෙසැම්බර් 08, 2020

    නවීන මාර්ග පද්ධතියක් මෙරට ඇති කරමින් මේ රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි.

    පාලම් 10,000ක් හදන බවත් මාර්ග වළ කිලෝමීටර් 5000ක් 10,000ක් ප්‍රමාණයක වැඩ මේ වනවිට නිම වි ඇතැයිද අමාත්‍යවරයා කීය . බිලියන 377 ක් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම වෙනුවෙන් වෙන් වී ඇති බවත් වැඩියෙන්ම මුදල් වෙන් වූ දෙවන අමාත්‍යංශය මෙය බවත් අමාත්‍යවරයා කීය

     

    අද(08) පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන අමාත්‍යංශයේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    අධිවේගී මාර්ග පද්ධතිය මෙරටට ගෙනත් මාර්ග පද්ධතියේ නව යුගයක් නව සංස්කෘතියක් ඇති කිරීමට කටයුතු කළේ මහින්ද රාජපක්ෂ යුගයයි. බොරළු පාරවල් වලට තිත තැබුවා. හිටපු මාර්ග සංවර්ධන අධිකාරිය , අමාත්‍යංශ ලේකම්වරු ඉතා කැපවීමෙන් ඒ වෙනුවෙන් අතීතයේ කටයුතු කලා. කොළඹට නුවරට වෙන් වෙච්ච කාපට් පාර ගමට ගෙන ගියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි

     

     

    පසුගිය යහපාලන රජය මගින් අත්හිටුවා තිබූ රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කිරිමට අවශ්‍ය පියවර ගත් බවත් ඉඩම් පවරා ගැනීම වෙනුවෙන්ද ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කළ අය වැය මෙය බවද ඒ මහතා පැවසීය. මාර්ගපද්ධතිය දියුණු කිරීම සම්බන්ධයෙන් කථානායකවරයා පවා යෝජනා ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya