මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

    දෙසැම්බර් 09, 2020

    2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    ලබන වසරේ මුල් පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැවත වරක් රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, රජයේ මුදල් කාරක සභාවේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට තීරණය වූ බවද දසනායක මහතා පැවසීය.



    ඒ අනුව එම කාරක සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 18 සිට 21 දක්වා වැඩි වන අතර ආණ්ඩු පක්ෂයට එක් සාමාජිකත්වයක් ද, විපක්ෂයට සාමාජිකත්වයන් 02ක් ද එකතු වනු ඇත.

    මෙම රැස්වීමට නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya