අප රටට ඇති වටිනාම සම්පත වනුයේ මානව සම්පතයි. එම මානව සම්පත සංවර්ධනය කළ හැක්කේ නිරෝගී සහ ඵලදායි පුද්ගලයෙක් සහ සතුටින් ජීවත්වන පවුලක් යන සංකල්පය මත පදනම් වූ දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමෙන් බව අපගේ පිළිගැනීමයි. සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීමේ මූලික අඩිතාලම වන්නේ ද එයයි.
මානව සම්පත සංවර්ධනය කිරිම අපගේ රජයේ මූලික වගකීමයි යනුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ නව රජයේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සදහන් වේ.
රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනාකමකින් යුත් වොලිබෝල්, නෙට්බෝල්, ක්‍රිකට් ආදී ක්‍රීඩා සදහා යොදා ගන්නා ක්‍රීඩා භාණ්ඩ විශාල ප්‍රමාණයක් සහ කැරම්බෝඩ් ඇතුලු මෙම ක්‍රීඩා භාණ්ඩ “චන්න ජයසුමන පදනම” මගින් ලබාදුන් අතර, ඒ සදහා මූල්‍ය දායකත්වය අනුරාධපුර කඩපනහේ ඩී.තෙන්නකෝන් මහතා විසින් දරන ලදී.