මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    වාරියපොළ ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම්

    දෙසැම්බර් 09, 2020

    වාරියපොළ ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සැපිරීම සඳහා නළ ජල පහසුකම පවතින්නේ සියයට දාහතරක් පමණි. විශාල පිරිසක් තම ජල අවශ්‍යතාව සපුරා ගන්නේ ළිං ජලය හරහා යි.
    කෙසේ වෙතත් තවත් බොහෝ පිරිසක් ප්‍රජා ජල ව්‍යාපෘති හරහා ද ජලය ලබා ගැනීම සිදුකෙරේ.

    මෙම ප්‍රජා ජල ව්‍යාපෘති වල පවතින අඩුපාඩු සහ බොහෝ ප්‍රදේශවලට නල ජල පහසුකම නොමැති වීම නිසා වාරියපොල  ප්‍රදේශයේ බහුතර ජනතාවක් වසරේ විවිධ කාලවල දැඩි පානීය ජල දුෂ්කරතාවන්ට මුහුණ දෙනු ලැබේ.
     ජනතාව මුහුණ දෙන මෙම ජල ගැටළුවට විසඳුම් ලබා දීමේ අරමුණින් වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අදාල සියලු ආයතන සහභාගිත්වයෙන් රැස්විමක් සංවිධාන කෙරිණ . රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වාරියපොල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමේ සාකච්ඡාව පැවැත්විණ. දැනට  ක්‍රියාත්මක වන ප්‍රජා ජල ව්‍යාපෘති වල පවතින අඩුපාඩු සොයා බැලීම මෙහි මූලික අරමුණක් විය. ඒ යටතේ ජල මූලාශ්‍ර පිළිබඳ ගැටලු , ලබා ගන්නා ජලය ටැංකි ගත කිරීමේ ගැටලු ,එම ජලය පොම්ප කිරීම සඳහා
    විදුලිය ලබාගැනීම , ජල පොම්ප සහ අනිකුත් උපකරණ ලබා ගැනීම වැනි ගැටලු රැසක් පිළිබඳව මෙහිදී සියලු පාර්ශවවල අවධානය යොමු විය. 

     

    ඉදිරිපත් වූ සෑම ගැටලුවකටම කඩිනමින් විසඳුම් ලබාදීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙහිදී පියවර ගැණින. වයඹ පලාත තුල පවතින ජල හිගය පිළිබඳව තමා තුළ අවබෝධයක් පවතින බවද කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ආසනයේ ජල ගැටලුවට ස්ථිරසාර විසඳුම් ලබාදීමට තමාට හැකි උපරිම කැපවීම කරන බවද සනත් නිශාන්ත අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ප්‍රජා ජල ව්‍යාපෘති සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ජනතා සහයෝගය සම්පූර්ණයෙන්ම ලබාදීමට තමන් සූදානම් බව අමාත්‍ය ඩී බී හේරත් මහතා මෙහිදී පැවසීය . එමෙන්ම හේරත් මහතා මෙහිදී කියා සිටියේ වාරියපොළ ප්‍රදේශයේ දිගුකාලීන ගැටලුවකට මේ  හරහා සාධනීය පිළිතුරක්  ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බවයි. ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා  ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් වාරියපොළ ආසනයේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ සැලැස්ම සැකසීමද රැස්වීමේ එක් අරමුණක් විය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya