මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාලවලට උපකුලපතිවරු පත් කිරීමට පාර්ලිමේන්තුවට අයිතියක් නෑ- අධ්‍යාපන අමාත්‍ය

    දෙසැම්බර් 09, 2020

    විශ්වවිද්‍යාල සඳහා උපකුලපතිවරු පත් කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නොමැති බවත් ඒය පාර්ලිමේන්තුවේ කාර්යභාරය නොවන බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහාතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විශ්වවිද්‍යාලවලට උපකුලපතිවරු පත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ නව චක්‍රලේකයේ කිසිදු වෙනසක් හෝ ඒය අත්හිටුවීමට අවශ්‍ය නොවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

    සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස එහි විෂයපථයට කිසිදු සබඳතාවයක් නොමැති මහාචාර්යවරයෙකු පත් කිරීමක් කර ඇති බවටත් කැළණිය, සබරගමුව සහ වයඹ විශ්වවිද්‍යාලවල ද ගැටලුකාරී තත්ත්වයන් රැසක් මතුවීම සම්බනධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ අසන ලද වාචික ප්‍රශ්නය කීපයකට ම පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, මෙහිදී කිසිම උල්ලංඝනයක් සිදුව නොමැති බවය. මෙම ක්‍රමය තුළින් සුදුසුම පුද්ගලයන් ඒ් සඳහා පත්වේයැයි විශ්වාස කරන බවද ඒ් මහතා සඳහන් කළේය. ඒ් අනුව නිසි ක්‍රමවේදයකට අනුව ඒම පත් වීම් සිදු කර ඇති බව අමාත්‍යවර්යා පෙන්වා දුන්නේය

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya