මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සමඟ ඔන්ලයින් සාකච්ඡාවක්...

    දෙසැම්බර් 10, 2020

    පාර්ලිමේන්තුවේ මූලාසනය හෙබවීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් සහ තාක්ෂණික විධික්‍රම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මෙරට මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්  (08) දින පැවැත්විනි.


    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා සහ කථානායක ධූරය වෙනුවෙන් මුලසුන හොබවන සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වූහ.


    පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාද සහභාගීවූ මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ පාර්ලිමේනතුවේ කථානායක ධුරය වෙනුවෙන් මුලසුන දරන මන්ත්‍රීවරයන් විසින් සභා ගර්භය තුළ සිය කාර්යයන් ඉටු කිරීමේදී භාවිතා කළ හැකි තාක්ෂණික උපක්‍රම සහ මෙවලම් පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ භාවිතාවන් ඇසුරින් අවබෝධයක් ලබා ගැනීමයි.
    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරිය වන ගරු ඩෝන් ප්‍රිමරොලෝ මහත්මිය සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හිටපු සාමාජිකයෙක් වන ඇන්ඩෲ කෙනන් මහතා ඇතුළු පිරිසක් මෙරට මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya