මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    මෙවර අයවැය ඉතාම පැහැදිළි දිශානතියකට රට මෙහෙයවන අයවැයක්-රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    දෙසැම්බර් 10, 2020

    මෙවර අයවැය ඉතාම පැහැදිළි දිශානතියකට රට මෙහෙයවන අයවැයක් බවත් 2021 වසර අවසානයේ දී මෙම ජනවරම ලබාදීමේ යහපත් ප්‍රතිලාභ ජනතාවට අත්විඳය හැකි බව සමෘද්ධි, ගෘහ ආර්ථීක, ක‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අයවැය තෙවැනි වර කියැවීමේ අවසන් දිනය වන අද (10) දින පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිණි.


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට ආර්ථික පුනර්ජීවනයක් ඇති කර දිළිඳුබව පිටුදැකීම සඳහා රජය කටයුතු කරන බවත් එම වැඩපිළිවෙළ කඩිනම් සහ ශක්තිමත් කරන අයවැයක් 2021 වසර සඳහා ඉදිරිපත් කළ බවයි.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙවර අයවැයේ සුවිසේෂී ලක්ෂණය නම් සියලුම අමාත්‍යංශ ආවරණය වන පරිදි ප්‍රාග්ධන වියදම වෙන්කිරීමයි. රුපියල් බිලියන 959 මුදලක් සහ මීට අමතරව තවත් රු බිලියන 140ක් ඒ සඳහා වෙන් කර ඇති බවත් සමස්ථයක් වශයෙන් 2021 වසර සඳහා මෙරට ආර්ථිකයට ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් බිලියන 1099ක මුදලක් වෙන් කර තිබේ. රටේ නිෂ්පාදනය වැඩි කිරීම, සහ ආනයන අපනයනය පරතරය අඩු කර රටේ නිෂ්පාදනය කළ හැකි දේ ආනයනය නොකිරීමට රජය පියවර ගෙන තිබේ.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, රජය ආනයනය කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව කීම අසත්‍යයක් බවයි. රජය ඉදිරියේදීත් ආනයනය කරන බවත් නමුත් ඒ සඳහා සීමා පනවා ඇති බවද අමාත්‍යවරයා කීය. එසේ සීමා පනවා තිබෙන්නේ රටේ නිෂ්පාදනය වැඩි කිරීමට සහ රටට නව ආයෝජන ගෙනැවිත් මෙරට තිබෙන ආර්ථික පීඩනය අඩු කිරීමටයි.

    විපක්ෂය මෙම අයවැය පිළිබඳ විවිධ බොරු සමාජගත කිරීමට උත්සාහ දරන බවත් මෙම අයවැය වාර්තා විගණකාධිපතිවරයා විසින් කිසිම අවස්ථාවක වැරදි බව කියා නැතැයිද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. රජය ගෙන යන වැඩපිළිවෙල නිවැරදි බවත් ලංකාවේ සිදුවිය යුතු පරිවර්තනය මෙය බවද පැවසූ අමාත්‍යවරයා, මෙරට අඩු අදායම් ලාභී පවුල් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් මේ ඔස්සේ ක්‍රියාත්මක වන බවද කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya