අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(10) පාර්ලිමේන්තුවේ පැවති අයවැය තුන්වෙනි වර කියවීමේ විවාදයේ අවසන් දින විවාදයට එක්වෙමිණි.
රැකියා විරහිත උපාධිධාරින් රැකියා ගත කිරීමේ වැඩපිළිවෙළේදී EPF සහිත උපාධිධාරින් බඳවා ගන්නේ නැතැයි විපක්ෂය මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගතකිරීමේ වැඩසටහන යටතේ උපාධිධාරීන් 60,000න් 49,478 දෙනකුට අදාළ පත්වීම් මේ වන විටත් ලබා දී අවසන් බවයි.තවත් උපාධිධාරීන් 11,000ටද ඉදිරි සති දෙක තුළ රැකියා ලබා දෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රජය කොවිඩ් වසංගතය මැඩළීම සඳහා බිලියන 80ක පමණ මුදල් ප්‍රමාණයක් දැනට වියදම් කරතිබේ. නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ නව නිවාස 14,000 මේ වනවිට ඉදිවෙමින් පවතින බවත් සෑම ග්‍රාමසේවා වසකම එක් නිවසක් ඉදිවන බවත් පැවසූ අමාත්‍යවරයා ලක්ෂ 07ක විශේෂ දීමනාවක් ලබා දී ඇතැයිද කීය. සෑම ආසනයකටම තට්ටු නිවාස ලබා දීම , මහා මාර්ග ලක්ෂයක් ඉදි කිරීම ආදී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ 2015 යහපාලන රජය ලබාදුන් පුරේකථන වැරදුණු බවත් රුපියල් බිලියන 333ක් අධ්‍යාපනය සඳහා වෙන් කළද වියදම් කළේ ඉන් රුපියල් බිලියන 61ක් පමණක් බවයි.
ජනාමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, 2005 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා භාරගත්තේ ණය බරින් පිරි රටක්. ණය බර,විරැකියාව , උද්ධමනය පැවතියේ පාලනයෙන් තොරවයි. තිස් වසරක යුද්ධය පැවතුණා වගේම තෙල් වෙළඳ පොළ මිළ ගණන් විශාල ලෙස ඉහළ ගිය යුගයක් වුණා. එහෙත් එම රජය යුද්ධය අවසන් කර දැවැන්ත සංවර්ධනයක් කරා රට ගෙන ගියා. අද නව දේශපාලන සංස්කෘතියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොඩ නඟා තිබෙනවා. ජනාධිපති කාර්යාලය තුළ පැවති අනිසි වියදම් සියල්ල කපා හරිමින් රටට විශාල ආදර්ශයක් ලබා දුන්නා විවාද කතාව අවසන් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, පන්සල පල්ලිය සහ කෝවිල යන සෑම තැනකින්ම ජනතාවගේ ආශිර්වාදය නව රජයට තිබෙන බවයි.