මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

      දෙසැම්බර් 21 වන දින බටහිර අහසේ දුර්ලභ අහස් සංදර්ශනයක්

    දෙසැම්බර් 11, 2020

    දෙසැම්බර් 21 වන දින බටහිර අහසේ දුර්ලභ අහස් සංදර්ශනයක්: බ්‍රහස්පති සහ සෙනසුරු දිගටි ආලෝක බෝලයක් මෙන් දිස් විය හැකිය.

    දෙසැම්බර් 21 වනදා බ්‍රහස්පති සහ සෙනසුරුගේ 'මහා ග්‍රහ සංයෝජනය'

     

    සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු මේ දින වල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකියහැකි වනු ඇත. එදිනට එම් ග්‍රහ ලෝක දෙක එක්ව අසන්න වශයෙන් විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකිය. හිරු බැස යෑමෙන් පසු රාත්‍රී 8.45 ට පමණ ග්‍රහලෝක බැසයාමට පෙර මේදිනවල ඔබට බටහිර අහස දෙස බැලිය හැකි නම් ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව ඔබට පෙනෙනු ඇත. 2020 දෙසැම්බර් 21 වන දින ග්‍රහලෝක දෙක, අන්සකයකින් දහයෙන් එකක් පමණ එනම් කලා 6.1 තරම් අසන්නයට පැමිණේ.

    මිට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීපවූයේ මීට වසර 397 කට පෙර එනම් 1623 ජූලි 16 වන දිනය. ඒ කලා 5 කින් පමණය. 2080 මාර්තු 15 වන දින ද අපට මෙවැනිම වූ කලා 6 ක ආසන්න වන ග්‍රහ සංයෝජනයක් දැකිය හැකි වනු ඇතැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya