මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    සමරූපී වනාන්තර සංකල්පය යටතේ තංගල්ල අක්කර 20ක කඩොලාන ආදර්ශ වන වගා ව්‍යාපෘතියක් ඇරඹීමේ සැලසුමක්

    දෙසැම්බර් 11, 2020

    සමරූපි වනාන්තර ක්‍රමය හෙවත් Analogue forestry system යටතේ මේ රටේ ක්‍රමානුකූල වන වගාව ව්‍යාප්තිය සඳහා සහයෝගය දැක්වීමට තමන් සූදානම් බව හරිත උදය පාරිසරික භාරය විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සිදු කළ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය

    රුක් රෝපණය සඳහා විවිධ ව්‍යාපෘති මේ රටේ නිදහසින් පසු ගත වූ වසර 75ක පමණ කාලයක් තිස්සේ සෑම රජයක්ම වැඩ සටහන් ක්‍රියාත්මක කර තිබේ. පැවැති රජයන් විසින් පැළ ලක්ෂ ගණනක් රෝපණය කරනු
    ලැබීය. එසේ රෝපණය කළ පැළ නිසි නඩත්තුවක් යටතේ වගා කරනු ලැබුයේ නම් මේ වනවිට මෙරට වනගහනය ඉහළ ගොස් තිබිය යුතු යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදි ප්‍රකාශ කළේය.

    කෙසේ වුවද පැළ විද්‍යාත්මකව රෝපණය කිරීම සඳහා යොදා ගන්නා මෙම සමරූපි හෙවත් Analogue Forestry ක්‍රමය යටතේ ලොව එක් එක් දේශගුණික තත්ත්වයන් යටතේ පවතින වනාන්තරයකට සමරූපී වන අයුරින් වනාන්තර නිර්මාණය කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ බව එම භාරයේ නියෝජිතයින් අමාත්‍යවරයාට කීය.

    ඒ අනුව නියාමණ ව්‍යාපෘතියක් වශයෙන් තංගල්ල ප්‍රදේශයේ අක්කර 20ක කඩොලාන වන වගාවක් දේශීය හා විදේශීය සංචාරක ආකර්ශණය දිනා ගත හැකි පරිදි ආදර්ශ වන වගාවක් ලෙස සංවර්ධනය කිරීමට තීරණය විය.

    මෙම වනවගාව සඳහා යෝජිත භූමිය නිරීක්ෂණය සඳහා පැමිණෙන්නැයි අමාත්‍යවරයා එම භාරයේ නියෝජිතයින්ට දැනුම් දෙනු ලැබීය. මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාංසිංහ මහතා ඇතුලු පිරිසක් සහභාගි වුහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya