කළු ගග ජලාශය ඉදිකිරීමෙන් පසුව එම ජලාශයට යට වු භුමියෙන් ඉවත් කළ ජනතාව නැවත පදිංචි කළ මහවැලි Fකලාපය මෙරට විසවිසෙන් තොර ගොවිතැන, ජලය, පස, ආදි සියලු පරිසර හිතකාමී විභවයක් සහිත අප රටේ පිහිටි එකම බිම් කඩ ලෙස හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.
මහවැලි එෆ් කලාපය නකල්ස් කාබනික හරිත කලාපයක් ලෙස සංවර්ධනය කර දැනට මේ රටේ බෝ නොවන රෝග රැසකට පදනම් ව තිබෙන කෘමිනාශක හා රසායනික පොහොර භාවිතයෙන් තොර පරිසර හිතකාමී ආදර්ශ කලාපයක් ලෙස එම කලාපය සංවර්ධනය කිරීමට සහයෝගය ලබා දෙන ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙතින් ඉල්ලීමක් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා තවත් නියෝජිතයින් කිහිප දෙනෙක් හා අමාත්‍යවරයා සමග පරිසර අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධව සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
හෙක්ටෙයාර් 2000කින් සමන්විත මහවැලි එෆ් කලාපය තුළ වගා කටයුතු සඳහා මෙම මහ කන්නය තුළ ජලය නිකුත් කෙරන බැවින් ගොවීන් වසවිස භාවිතයෙන් තොර කෘෂිකර්මාන්තයට යොමු කිරීමත්, එම කලාපය දිගටම වසවිසෙන් තොර හරිත කලාපයක් ලෙස පවත්වාගෙන යමින් කාබනික ගොවිතැන ක්‍රියාත්මක කෙරෙන ආදර්ශ වගා කලාපයක් ලෙසත්, එමෙන්ම වසවිසෙන් තොර වගාව සම්බන්ධව
පර්යේෂණ කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීමත් කළ හැකි යැයි මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ගංගා ගණනාවක් නකල්ස් කඳුකරයේ සිට අරීය ව රට හරහා ගලන බැවින් නකල්ස් කඳුකරයෙන් ජලයට එක් වෙන වසවිස රට පුරා පැතිර යාමේ තත්ත්වයක් ද පවතී.
එමනිසා මහවැලි එෆ් කලාපය “නකල්ස් කාබනික හරිත කලාපය” ලෙස පවත්වා ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශයේ සියලු සහයෝගය ලබා දීමට ද අමාත්‍යවරයා
එකගතාවය පළ කළේය.
රජය විසින් මේ වනවිටත් මහවැලි එෆ් කලාපය නකල්ස් කාබනික හරිත කලාපය වශයෙන් තිරසර සංවර්ධන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පවා ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා මහවැලි සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළේය.
මෙහිදී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මේ සම්බන්ධව සකස් කරන ලද වාර්තාව අමාත්‍යවරයා වෙතත්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙතත් බාර දුන්නේය.