මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    'සෞභාග්‍යයේ දැක්ම තුළින් තාරුණ්‍යයට රැකියා දොරටු විවරය' වැඩපිළිවෙල ඇරඹේ

    දෙසැම්බර් 12, 2020

    රට පුරා රැකියාවන් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට රජයේ සහ පෞද්ගලික අංශයේ තිබෙන රැකියා අවස්ථාවන් හඳුන්වා දී ඔවුන්ගේ කැමැත්ත මත සුදුසු රැකියාවකට ඇතුළත් වීමට  ඉඩකඩ සලසා දීමේ වැඩපිළිවෙළක් 'සෞභාග්‍යයේ දැක්ම තුළින් තාරුණ්‍යයට රැකියා දොරටු විවරය' නමින් අද (11) සිට අරඹන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


    එහි පළමු පියවර (11) බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේදී රජයේ හා පෞද්ගලික අංශයේ ආයතන රැසක් සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් දහස් සංඛ්‍යාත පිරිසක් සමග අරඹමින් ඒ  මහතා එසේ පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

    " රැකියාවන් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථාවන් මොනවාද කියා හඳුන්වා දීලා ඒ අයගෙ කැමැත්ත මත සුදුසු රැකියාවකට ඇතුළත්  වීමට අවස්ථාව සලසා දීමේ වැඩපිළිවෙළක් අපි කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අරඹා තිබෙනවා. එහි පළමු පියවර තමයි අද බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රය තුළ මෙසේ දියත් වෙමින් ඇත්තේ. එම වැඩපිළිවෙළ සාර්ථක වන බව සනාථ කරමින් අද දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසක් මෙම 'සෞභාග්‍යයේ දැක්ම තුළින් තාරුණ්‍යයට රැකියා දොරටු විවරය' වැඩසටහනට එක්ව  සිටිනවා. රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන රැසක් රැකියා සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙම ස්ථානයට පැමිණ තිබෙනවා. මම හිතනවා මේක අපේ  තරුණ තරුණියන්ට ඔවුන්ගේ රැකියා පිළිබඳ බලාපොරොත්තු සඵල කර ගැනීමේ වැදගත් අවස්ථාවක් වේවි කියා. යුද හමුදාව වැනි රජයේ ආයතන පවා සුදුස්සන් බඳවා ගැනීම සඳහා මේ  ස්ථානයේ අද සම්මුඛ පරීක්ෂණ පවත්වනවා.වැඩි වශයෙන් පෞද්ගලික අංශයේ ආයතන තමයි රැකියා ලබාදීම සඳහා මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට එක්ව සිටින්නේ"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya