මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රවාහනයේ දියුණුවට ඉන්දීය රජයේ සහය දිගටම- ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්

    දෙසැම්බර් 12, 2020

    ප්‍රවාහනයේ දියුණුවට ඉන්දීය රජයේ සහය දිගටම ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ ප්‍රවාහන  අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අතර අද (11 ) දින බත්තරමුල්ල සෙත්සිරිපාය ප්‍රවාහන අමාත්‍යාංශයේදි පැවති හමුවක දීය.

    මෙහිදි ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය හා සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය සපයන සහය ඉදිරියටත් නොකඩවා ලබා දීමට හා දුම්රිය රියදුරන් සදහා පුහුණු වැඩසටහන්  ක්‍රියාත්මක කිරිමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා ඒ සදහා සහය විමටත් ඉන්දිය මහකොමසාරිස්වරයා කැමැත්ත පළ කළහ.

    මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ පළමුවැනි ලේකම් එල්ඩෝස් මැතිව් (Eldos Mathew) මහතා සහ
    ප්‍රවාහන අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් තුෂාර පෙරේරා යන මහත්වරුන්ද සහභාගී වූහ-

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya