විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරන රියදුරු මහතෙකුට කොවිඩ් රෝගය වැලඳි ඇති බවට 2020.12.8 දින සිදුකළ පීසිආර් පරීක්ෂණයකදී තහවුරු විය. ඒ අනුව ඔහු වහාම රෝහල් ගතකර ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමු කිරිමට කොස්වත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකගේ උපදෙස් මත පාලනාධිකාරිය කටයුතු කර ඇත. එදිනම එම රියදුරුගේ ආශ්‍රිතයන්ගේ පිසිආර් පරීක්ෂණයන් සිදුකළ අතර ඊයේ දිනයේදි ලැබුණු වාර්තා මගින් ඔවුන් කිසිවෙකුටත් කොවිඩ් රෝගය වැලඳි නොමැති බව තහවුරු විය.
එසේම 2020.12.9 දින විෂබීජ හරණය සඳහා කාර්යාංශය වසා දැමු බැවින් නැවත 2020.12.10 දින සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය සේවාවන් ක්‍රියාත්මක කර ඇතග ඒ අනුව විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරිම, විසිහතර පැයේ තොරතුරු මැදිරිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් මේවන විට ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම කාර්යාංශයේ ගුවන් තොටුපළ ශාඛාවද සේවා සඳහා ක්‍රියාත්මක බැවින් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරිම එහිදිද සිදුකර ගත හැකග කාර්යාංශයේ පළාත් කාර්යාල හා දිස්ත්‍රික් කාර්යාල සේවාවන්ද සුපුරුදු පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.