මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    අපනයන වෙළඳපොළ ඉලක්කකොට පළතුරු වවන්න -පවුල් 2,000 කට රු. මිලියන 700 ක්

    දෙසැම්බර් 12, 2020

    මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 4ක නාවලපිටිය, ගම්පොල, උඩුනුවර හා හේවාහැට- දිළිදු ගොවි ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීමේ අරමුණින්, අපනයන වෙළදපොළට පළතුරු වගා කිරීම සදහා පවුල් 2000ක් වෙනුවෙන් ක් පවුලකට රුපියල් ලක්ෂ 05 බැගින් රුපියල් මිලියන 700ක මුදලක් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක නව්‍යකරණ ව්‍යාපෘතිය ඔස්සේ ලබා දීමට තීරණය කොට තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

     

    මෙහි විශේෂත්වය වන්නේ මෙම නිෂ්පාදන සෘජුවම අපනයන වෙළඳපොළ උදෙසා වගා කිරීම බව ද අමාත්‍යාංශය සඳහන් කරයි

    ඵලදායිතාවයෙන් ඉහළ සහ විදේශ වෙළඳපළ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් ලබාදෙන පැළ, ජල බිංදු තාක්ෂණය, උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයකට අවැසි තාක්ෂණික දැනුම හා අවබෝධය ද ගොවියාට ලබා දීම මෙමඟින් සිදුකිරීමට නියමිතය.

    එම අස්වැන්න විදේශ වෙළඳපළට සුදුසු ආකාරයට අගයදාමය උදෙසා සියලු අංගයන්ගෙන් සමන්විත (State of The Art) සැකසුම් මධ්‍යස්ථාන ( Processing Centers ) ද මේ යටතේ එම ආසන සඳහා ලබාදෙනු ඇත.

    කෙසෙල්, පේර, අන්නාසි සහ අලිගැටපේර යන පළතුරු මෙම ව්‍යාපෘතිය යටතේ අපනයන ඉලක්ක කොටගෙන වගා කරනු ඇත,

    මෙම ගොවියන්ගේ නිෂ්පාදන සදහා විදේශ වෙළඳපොළ නිර්මාණය කරදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු වූ ඩෝල් සමාගමේ නියෝජිතයන් එකඟත්වය පළ කළේය. මේ යටතේ ගොවි නිෂ්පාදන මැදපෙරදි. වෙළඳපොළට සහ පිලිපීනයට යැවීමට කටයුතු කරනු ඇත.

    තවද මෙම ව්‍යාපෘතිය ලංකාවේ තවත් දිස්ත්‍රික්ක 12ක් ආවරණය කරනු ඇත. ඒ යටතේ දිස්ත්‍රික්ක 05 ක වැඩ මේ වනවිට ආරම්භ කර ඇත. එහි පළමු පළතුරු කන්ටේනරය ලබන වසරේ පළමු කාර්තුවේදී අපනයනයට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya