මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    දේශීය පොහොර අවශ්‍යතාව සපුරාලන වැඩපිළිවෙළකට කර්මාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශ එක්වෙයි 

    දෙසැම්බර් 12, 2020

     

    පොහොර ආනයනය නවතා දේශීය පොහොර අවශ්‍යතාව කඩිනමින් සපුරාලීමට තම අමාත්‍යාංශයට අනුබද්ධ ලංකා පොස්පේට් සමාගම ද යොදා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග කාල රාමුවක් සහිත ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

     

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු අදාළ බලධාරීන් සමග කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී ඒ මහතා මෙසේ පැවසීය.

    දැනට දේශීය පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම පිණිස ආනයනය කරනු ලබන පොහොරවල ශරීරයට අහිතකර කැඩ්මියම්, ආසනික් වැනි විෂ සහිත ද්‍රව්‍ය පවතින බවත් ඒ වෙනුවට මෙරට සතු අමිල ජාතික සම්පතක් වන එප්පාවල පොස්පේට් නිධිය යොදාගනිමින් ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව වැඩිකර නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මක භාවයෙන් යුත් 'එප්පාවල පොහොර' නිපදවීමට මෙහිදී අවධානය යොමු කරන බවත් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

    එසේ කාල රාමුවකට අනුව කටයුතු කිරීමෙන් මෙරට පොහොර අවශ්‍යතාව ආනයනයෙන් තොරව සපුරාගැනීමට හැකි වනු ඇති බවට ද වීරවංශ මහතා විශ්වාසය පළ කළේය.

    මෙම අවස්ථාවට පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ, ලංකා පොස්පේට් සමාගමේ සභාපති අනිල් රණසිංහ, කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරු ද එක්වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya