මේ පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා ජාතික උරුම,ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගිය දා දෙවනගල විහාරස්ථානය වෙත ගියේ ය.
අමාත්‍යවරයා මතුව ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව විහාරාධිපති හිමියන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය පිළිබඳව නිසි ලෙස සොයා නොබැලු නිලධාරීන්ට තරයේ අවවාද කර මේ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට එහිදී උපදෙස් දුන්නේ ය.
“ පුරාවස්තු විනාශ කිරීම සම්බන්ධ වැරදිවලට මින් ඉදිරියට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව “ ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය. වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේද පැවැසීය.
මෙම භූමියට සහ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාට ආරක්ෂාව අත්‍යාවශයි. ඒ වගේම ප්‍රදේශයේ ජීවත්වන සියලු දෙනාගේම සාමය ඉතාම වැදගත්.ඉරි ගහලා වෙන්වෙලා බෙදී ඉන්න අවශ්‍ය නැහැ. ජාති භේදයකින් තොරව රටේ උරුමයන් රැක ගැනීමට අපි සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි.
පුරාවිද්‍යා කොමසාරිස්වරයා හා ඊට අදාළ සියලු රාජ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලා කටයුතු කළ යුතුයි. එසේම මේ ප්‍රදේශයේ ජීවත්වන සියලු ජනතාව මෙම කාර්යය සඳහා සහාය දිය යුතුයි. මෙවැනි ගැටළුවකදී සාමයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ආදර්ශයක් රටට ලෝකයට අප පෙන්වා දිය යුතුයි.
කිසිවෙකුටත් නීතියට ඉහළින් යන්න බැහැ.සියලු දෙනාම නීතියට යටත්, ජාති භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරනවා.භූමියේ දැනට පදිංචි වී සිටින පුද්ගලයන්ටත් අපි අසාධාරණයක් කරන්නේ නැහැ.ඔවුන් සම්බන්ධව ද සොයා බලා කටයුතු කිරීමට අප ක්‍රියා කරනවා.
දෙවනගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ ද එහිදී මෙසේ සඳහන් කළහ. ජාති භේදයකින් තොරව පුරාවස්තු රැකීම අපි කාගෙත් වගකීමක්.දෙවනගල මෙවැනි ගැටළුවක් පැන නැගී ඇති මොහොතක මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට විශේෂ ස්තුතියක් පුද කළ යුතුයි. මම මේ සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කරන්නේ පෞරණික උරුමයන් ඉදිරි පරම්පරාවට රැකගත යුතු නිසයි. එහි කිසිම මෙහොතක ජාතිවාදී අරමුණක් මුල් කරගෙන නැහැ.
මෙම පෞරාණික උරුමයන් ඉදිරි අනාගතයට උරුම කිරීමට කටයුතු කිරීමට කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් , ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් මා ඉල්ලා සිටිනවා. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සහ රාජ්‍ය නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.