ඔහු අවධාරණය කලේ සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව මෙම පියවර ගැනෙන බවයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය. ගාල්ල හෝල් ඩි ගෝල් උත්සව ශාලාවේදී රැස්වීම පැවැත්විණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ජනවාරි මාසයේ සිට රට නිල වශයෙන් විවෘත කිරීමට පෙර නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. සෞඛ්‍ය නිර්දේශ අනුව එහි අඩුපාඩු හඳුනාගෙන ඒවා ද නිවැරදි කර ගැනීමෙන් පසු රට ක්‍රමානුකූලව විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා කීවේය.
සංචාරකයන්ට රට විවෘත කිරීම හා ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් ඊට අඳාල සියලු පාර්ශවයන් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් ඉක්මනින් මෙම සාකච්ඡා අවසන් කර මෙම
වැඩපිළිවෙල ආරම්භ කිරීමට හැකිවෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.
මෙම සාකච්ඡාවේදී ගාල්ල මෙරට ප්‍රචලිතම සංචාරක ගමනාන්තයක් බවට පත්කිරිමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට තිරීණය කෙරිණි. ඊට අවශ්‍ය ප්‍රතිපාදන සංචාරක අමාත්‍යංශය සහ ඊට අඳාල සෙසු අමාත්‍යංශ වලින් ලබාගැනීමට කටයුතු කෙරේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති ආකර්ෂණිය ස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධනය මේ යටතේ කඩිනම් කෙරෙණු ඇත. ගාල්ල කොටුව ,
උණවටුන හා රූමස්වල සංචාරක කලාප වලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් සංචාරක කලාප වල සිදුවන නීතිවිරෝධී හා මත්ද්‍රව්‍ය අපචාර වැළැක්වීමට කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය. ඔහු පෙන්වා දුන්නේ සංචාරක පොලීසිය ශක්තිමත් කිරීමට දැනටමත් පියවරගෙන ඇති බවයි.
උණවටුන, ගාල්ල, බෙන්තොට දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ වැඩසටහනක් ද මේ වනවිට ක්‍රියාත්මකයි. ගොඩහේන ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය ද ලබන වසරේ ආරම්භ කෙරේ. ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ
ආශ්‍රිතව අනවසර ඉදිකීරීම් පැවතීම හා එමගින් සංචාරක කලාප වල මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරුණි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි. දියමත ලිස්සා යාම, මුහුදේ කිමිදීම, තල්මසුන් නැරඹීමට යාම වැනි ක්‍රියාකාරකම් වලදී සංචාරකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති
වීම හා නිසි නියාමනයක් නොතිබීම පිලිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ එම ක්‍රියාකාරකම් නිසි නියාමනයකට ලක්කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි. සත්කාර නිවාස හා කුඩා පරිමාණ සත්කාරක සේවා නියාමනයට කටයුතු කරන බවද ඇමතිවරයා මෙහිදී අවධාරණය කලේය.
ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමේදී ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් හා කෘෂිකර්ම ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කලේ දිස්ත්‍රික්කයේ පොහොර ගැටලුව කඩිනමින් විසඳීමට කටයුතු කරන බවයි. කාබනික පොහොර සඳහා අධිකාරියක් පිහිටුවන බවත්, ඒ සඳහා රුපියල් මිලියන
500ක් වෙන්කර ඇති බවත් ඔහු සඳහන් කලේය. තරුණයන් කෘෂිකර්මාන්තය වෙත නැඹුරු කරගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ද දැනටමත් ආරම්භ කර තිබේ. ඉඩම් රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීමට කටයුතු කරන බවද කීවේය.