මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    වත්මන් රජය දේශීයත්වයට මුල්තැන ලබා දෙමින් රටේ ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 15, 2020

    පසුගිය වසරේදී අප භාර ගත්තේ යහපාලන රජය විසින් ඍණ ආර්ථිකයක් බවට පත්කළ රටක් බවත්, වත්මන් රජය දේශීයත්වයට මුල්තැන ලබා දෙමින් රටේ ආර්ථිකය නගා සිටුවීමට අද කටයුතු කරමින් සිටින බවත් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    ''රට ඒකාධිකාරයක් යටතේ පාලනය වනවා'' යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට යුරෝපා සංගමයට ගොස් කියන්නට විපක්ෂය උත්සහ කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය.

    වත්මන් ආණ්ඩුව බටහිර බලවේග වලට උත්තර දෙන ආණ්ඩුවක් නොවන බවත්, වත්මන් රජය සෑම විටම රටේ ස්වාධීනත්වය හා දේශීයත්වය අගය කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සීමාසහිත මරදගහමුල පේෂකාර්මිකයින්ගේ සමූපකාර සමිතියේ සහ එම කර්මාන්තශාලාවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවට (13) දින සහභාගි වෙමිනි.

    අතිගරු ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මැතිතුමාගේ ''සෞභාග්‍යයේ දැක්ම''ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දේශීය කර්මාන්ත හා දේශීය කර්මාන්තකරුවා නගා සිටුවීම මෙහි පරමාර්ථයයි.
    මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින් 50කට ආසන්න ප්‍රමාණයක් දැනට සේවය කරන අතර දේශීය අත් යන්ත්‍ර භාවිතයෙන් සාරි, සරම්, ඇද ඇතිරිලි ඇතුලු ඇදුම් පැළදුම් හා ඇගලුම් වර්ග රැසක් මෙහි නිෂ්පාදනය කරනු ලබයි.
    මෙම අවස්ථාවට සීමාසහිත මරදගහමුල පේෂකාර්මිකයින්ගේ සමූපකාර සමිතියේ සභාපති ජගත් කුමාර මහතා හා එහි උප සභාපති ජී. කරුණාජීව මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya