මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබෙනවා

    දෙසැම්බර් 15, 2020

    පසුගිය රජය මැතිවරණ කල්දැමීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළා-
    පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබෙනවා

    පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හැකි ඉක්මණින් පක්ෂ නායකයින් එකට එකතු වී යම් එකඟතාවයකට පැමිණ කැබිනට් මණ්ඩලයට වෙත නැවත ඉල්ලීමක් කරන්නැයි  අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත දැන්වූ බවත්,එකී ඉල්ලීම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව, කැබිනට් මණ්ඩලය විසින් ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තීන්දුවක් ගැනීමට තීරණය කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    මෙරට පවත්නා සියලුම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ අනුකාරක සභාවක් පවත්වා වසර ගණනාවක් සාකච්ඡාවන් පැවැත් වූ නමුත් 2015 වසරේ බලයට පත් වූ රජය සමඟ ජනතාව අතර තිබූ දුර්වල සම්බන්ධතාවය නිසා දිගින් දිගටම මැතිවරණ කල් දැමීම සිදු කෙරුණු බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වැඩි කාලයක් කල් දැමීමට කටයුතු කරමින් විවිධ හේතූන් ඉදිරිපත් කරමින් මැතිවරණ ක්‍රමය යම් වෙනසක් ඇති කළ ද එකී ක්‍රමය සම්බන්ධව විවිධ මත සහ ගැටළු මේ වන විට පවතින බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට 2/3 අවශ්‍ය නොවන බවත්, සරල බහුතරයක් ප්‍රමාණවත් වන බවත්, එවකට සිටි කතානායකවරයා වූ කරු ජයසූරිය මහතා විසින් ප්‍රකාශ කළ අතර ඒකාබද්ධ විපක්ෂය ලෙස මේ සඳහා අනිවාර්යෙන් 2/3 ක් අවශ්‍ය බව සහ නීතිපතිවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධව කටයුතු කරන්නැයි සඳහන් කළ බවත්, මෙරට ජනතාවගේ පරමාධිපත්‍ය දින නියමයක් නොමැතිව කල් දැමීමට කටයුතු කිරීම මඟින් සංකීර්ණ තත්ත්වයකට ඇඳ දැමීමට කටයුතු කළ බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය. ඒ අනුව, මේ සම්බන්ධව එකිනෙකා වෙත චෝදනා එල්ල කිරීම නොව මේ මොහොතේ කළ යුතු දේ සම්බන්ධව කටයුතු කළ යුතු බවත් මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya